කරුමය හා වාසනාවේ මහිම පෙන්වූ අමුතු මීටර් 400 පරාජිතයන්ගේ ඉරණම වෙනස් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

 

ලෝක ශුරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ දී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබේ.

මීටර් 400 පිරිමි අවසන් තරගයේ දී තත්පර 45 ට අඩු කාලයකින් තරගය අවසන් කරමින් තරගාවලි වාර්තාවක් පිහිටුවූ ස්පාඤ්ඤයේ ඔස්කාර් යුසිලියෝස්ට රන් පදක්කම ද, ඩොමින්ක් රාජ්‍යයේ ල්‍යුගෙලින් සැන්තෝස්ට රිදී පදක්කමද අහිමි කිරීමට තරගය අවසන්ව මිනිත්තු කිහිපයකින් පියවර ගැණින.

තරගය අතරතුර ධවන තීරුවේ ධාවනයේ නොයෙදීම හේතුවෙන් මේ ක්‍රීඩකයන්ට මේ අමිහිරි අත්දැකීමට මුහුණදීමට සිදුවිය.

ස්පාඤ්ඤ ක්‍රීඩකයා සිදුකළ වරද පියවි ඇසට දර්ශනය නොවුවද, රූපවාහිනි පුණරූපන නිරීක්ෂණයේදී අවාසනාවන්ත ලෙස ධාවන තීරුවෙන් කරන රේඛාව ස්පර්ශවන බව දැකිය හැක.

බොහෝ ක්‍රීඩකයන්, ගෘහස්ත තරග සඳහා වැඩි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන්, ගෘහස්ත ක්‍රීඩාගණවල ඇති ධාවන පථවල පුහුණුකටයුතු නොකිරීමට පෙළඹී ඇති බව විදෙස් විචාරකයන් පවසයි.

ඉහත තීරණයත් සමග, තුනවැන්නා ලෙස තරගය අවසන් කළ චෙක් රාජ්‍යයේ පවෙල් මස්ලැක්ට රන් පදක්කම පිරිණැමීමට තීරණය කළ අතර, සිව්වැන්නා වූ ඇමරිකානු ක්‍රීඩකයාට රිදී පදක්කමත් පස්වැන්නා වූ ට්‍රිනිඩැඩ් ක්‍රීඩකයාට ලෝකඩ පදක්කමත් පිරිණැමීය.

පරාජයට පත් වුවද පුද්ගලිකව හොඳම දක්ෂතාව වෙනුවෙන් තරග වැදීමේ වටිනාකමට ඇගයීමක් ලැබුණු අවස්තාවක් ලෙසද මෙම තරග ප්‍රථිඵලය සැලකිය හැක.

ගෘහස්ත ක්‍රීඩාංගණ වෙනස්වන්නේ කෙසේ ද?

ඝර්මකලාපීය රටවල ගෘහස්ත ධාවන පථ සුලභ ලෙස දැකගත.නොහැක. ශීත කාලයේදී පුහුණු කටයුතු සිදු කිරීමට හා තරග පැවැත්වීමේ අරමුණින් මෙවන ප්‍රධාන පෙළේ ක්‍රීඩාංගණ ඉදිවෙයි.

ප්‍රධාන ධාවන පථය අනතියක් සහිතව නිර්මාණය කිරීමත් ධාවන තීරු භාවිත කිරීමේ නීති රීති හේතුවෙන්ද, සාමාන්‍ය ධාවන පථවල පුහුණුවී මෙවන් ධාවන පථයකට අනුගත වීමේදී අපහසුතා මතුවන බවද විචරකයන් පෙන්වා දෙයි.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ආසියානු කලාපය තුළ ගෘහස්ත මලල ක්‍රීඩා පදක්කම් රැසක් මෑතකාලයේදී ලබාගෙන තිබුණද, ඔවුන්ටද වෘත්තීය පුහුණුවක් ලැබීමේ අවකාශ නොමැත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org