උස පනින මංජුලට ඉන්දියාවෙන් අභියෝගයක්

By www.ceylonathletics.com | | English, International News, Latest News

දකුණු ආසියානු කලාපයේ උස පැනීමේ ශූරයා වන මංජුල කුමාරට අභියෝගයක් වීමට ඉන්දියානු ක්‍රීඩකයෙකු සමත්ව සිටියි.

මෙවනවිට ඇමරිකාවේ වෙසනෙ තේජාස්වින් ශන්කර් (Tejaswin Shankar) මෙම වසරේ ජනවාරි මස ගෘහස්ත තරගාවලියක දී, මීටර් 2.19 ක දක්ෂතාවක් දක්වමින් ඉන්දියානු ගෘහස්ත වාර්තාව තමන් සතු කරගත්තේය.

තවමත් 19 වැනි වියේ පසුවන ශන්කර්, නැවතතත් සාර්ථක වෙමින්, පසුගිය දා නැවතත්, මීටර් 2.28 ක දක්ෂතාවක් සමගින් ගෘහස්ත වාර්තාව අලුත් කළේය.

ඉන්දියානු උස පැනීමේ වාර්තාව වන මීටර් 2.26 ක දක්ෂතාව ද දක්වා ඇත්තේ,  තේජාස්වින් ශන්කර් වේ.

මංජුල කුමාර 2001 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක්වූ අතර, 2004 හා 2005 වසර වල දී තම උපරිම දක්ෂතාව වූ මීටර් 2.27 ක උසක් තරණය කළේය.

මේවනවිට ඔස්ට්‍රේලියාවේ පුහුණුකටයුතු සිදුකරන මංජුල මෙම වසරේ දී තම උපරිම දක්ෂතාව හඹා යනු ඇතැයි විශ්වාසය තැබිය හැක.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org