මෑත කාලයේ ඉතා ශීග්‍රයෙන් ජනප්‍රිය වූ ඉන්දීය හෙල්ල විසිකිරීමේ ශූර දේවේන්ද්‍ර සිංට තහනමක් පැණවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක පාලන ඒජන්සිට පියවර ගෙන තිබේ.
ඒ, ඔහු තහනම් උත්තේජක භාවිත කර ඇති බවට පසුගිය සතියේ දී කළ පරීක්ෂණයක දී තහවුරු වීම හේතුවෙනි.
දේව්න්ද්‍ර සිංට එම තීරණයට එරෙහිව යමින් බී සාම්පල පරීක්ෂාවට යොමුවීමේ අවස්ථාව ඇති නමුත්, බොහෝ අවස්ථාවල සිදුවන්නේ එවැනි අවස්ථාවන් හී දී ද වැරදිකරු බවට තහවුරු වීමවේ.
එසේ වුවහොත් දේව්න්ද්‍ර සිංට වසර 4 ක තරග තහනමක් පැණවෙනු ඇති.
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් වූ දේවේන්ද්‍ර, හා නීරජ් චොප්රා දෙපලම ලබන අප්‍රේල් මස පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ද සුදුසුකම් සපුරා සිටින ක්‍රීඩකයන්.
පසුගිය දා අවසන් වූ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලබා ගත් දේවේන්ද්‍ර සිං, පසුගිය වසරේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 80 කට වැඩි දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.
Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…