හෙල්ල විසිකිරීමේ ඉන්දීය ක්‍රීඩකයා තහනම් උත්තේජක දැලට

By www.ceylonathletics.com | | International News, Latest News, Sinhala

මෑත කාලයේ ඉතා ශීග්‍රයෙන් ජනප්‍රිය වූ ඉන්දීය හෙල්ල විසිකිරීමේ ශූර දේවේන්ද්‍ර සිංට තහනමක් පැණවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක පාලන ඒජන්සිට පියවර ගෙන තිබේ.

ඒ, ඔහු තහනම් උත්තේජක භාවිත කර ඇති බවට පසුගිය සතියේ දී කළ පරීක්ෂණයක දී තහවුරු වීම හේතුවෙනි.

දේව්න්ද්‍ර සිංට එම තීරණයට එරෙහිව යමින් බී සාම්පල පරීක්ෂාවට යොමුවීමේ අවස්ථාව ඇති නමුත්, බොහෝ අවස්ථාවල සිදුවන්නේ එවැනි අවස්ථාවන් හී දී ද වැරදිකරු බවට තහවුරු වීමවේ.

එසේ වුවහොත් දේව්න්ද්‍ර සිංට වසර 4 ක තරග තහනමක් පැණවෙනු ඇති.

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් වූ දේවේන්ද්‍ර, හා නීරජ් චොප්රා දෙපලම ලබන අප්‍රේල් මස පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ද සුදුසුකම් සපුරා සිටින ක්‍රීඩකයන්.

පසුගිය දා අවසන් වූ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලබා ගත් දේවේන්ද්‍ර සිං, පසුගිය වසරේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 80 කට වැඩි දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org