හිරුණි අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
ඇමරිකාවේ ඇරිසෝනාහී දී පැවැති අර්ධ මැරතන් තරගයකට සහභාගීවෙමින් හිරුණී විජේරත්න ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය. ඇය තරගය ජයගනිමින් දැක්වූ දක්ෂතාව පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කි.
හිරුණි 2014 වසරේ දී අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව තමා සතුකරගත්තේ, පැය 1:07:34 ක කාලයක් වාර්තා කරමින්ය.
ඒ අනුව ඇය එම වාර්තාව අලුත් කර ඇත්තේ මිනින්තු 3 කින් පමණ වේ.
හිරුණී විජේරත්න පසුගිය ද කාන්තා මැරතන් ශ්‍රී ලංකා වාර්තාවද තමා සතු කරගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත්තාය.



