හිරුණි අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඇමරිකාවේ ඇරිසෝනාහී දී පැවැති අර්ධ මැරතන් තරගයකට සහභාගීවෙමින් හිරුණී විජේරත්න ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය. ඇය තරගය ජයගනිමින් දැක්වූ දක්ෂතාව පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කි.

හිරුණි 2014 වසරේ දී අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව තමා සතුකරගත්තේ, පැය 1:07:34 ක කාලයක් වාර්තා කරමින්ය.

ඒ අනුව ඇය එම වාර්තාව අලුත් කර ඇත්තේ මිනින්තු 3 කින් පමණ වේ.

හිරුණී විජේරත්න පසුගිය ද කාන්තා මැරතන් ශ්‍රී ලංකා වාර්තාවද තමා සතු කරගනිමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත්තාය.

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org