නිලානීගෙන් රිදී පදක්කමක්, ප්‍රසාද් විමලසිරිට ලෝකඩ පදක්කම

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු ක්‍රීඩා උළෙලට සූදානමක් ලෙස ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආරාධිත ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් මේවනවිට පදක්කම් 9 ක් දිනා ගැනීමට සමත්ව සිටීයි.

අද පැවති මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගී වූ නිලානී රත්නායක, පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 4:19.25 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම හිමිකරගෙන තිබේ.

ඉන්දියාවේ පී යූ චිත්‍රා ක්‍රීඩිකාව රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

චම්පිකා දුල්ක්ෂීට මෙහිදී හිමිවූයේ සිව්වැනි ස්ථානයයි.

මේ අතර, දුර පැනීමේ පිරිමි ඉසව්වේ දී ප්‍රසාද් විමලසිරි රිදී ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්ව ඇත.

මීටර් 7.82 ක දක්ෂතාව ඔහු වාර්තා කර ඇති හොඳම දක්ෂතාව ද වේ. මීට පෙර ප්‍රසාද් සුලං මාපක නොමැති අවස්ථාවක දී මීටර් 8 සීමාව ද පසු කිරීමට සමත්ව තිබේ.

එම ඉසව්වට සහභාගීවූ ධනුක ලියනපතිරණ මීටර් 7.62 ක දක්ෂතාවක් සමගින් පස්වැනි ස්ථානයට පත්වූ අතර, අමිල ජයසිරිට (7.22) අවසන් ක්‍රීඩකයන් හය දෙනා අතරට හෝ ඇතුළත් වීමේ අවස්ථාව හිමි නොවීය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org