ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර තරග කැලන්ඩරය ආරම්භ කරමින් ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය මෙම සති අන්තයේ දී ඉරානයේ ටෙහෙරාන් හී දී පැවැත්විණ.
ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු හා ක්‍රීඩකයෙකු සහභාගී වුණ ද ඔවුන් එහි ගමන් කිරීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය.
29 වැනි දින රාත්‍රියේ දී, තරගාවලියට සහභාගීවීමේ අරමුණින් ගුවන් තොටුපළ බලා ගමන් ගත් කණ්ඩායමට නැවත නිවෙස් බලා පිටත්වීමට සිදුවූයේ ගුවන් ප්‍රවේශ පත් ලබා දී තිබුණ ද, ආසන වෙන් කිරීමේ දී සිදුව තිබූ දෝෂයක් හේතුවෙනි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වූයේ පසුදින රාත්‍රියේ දීය.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3 ක් දිනා දීමට සමත්විය.
තුන්පිම්ම කාන්තා ඉසව්වට සහභාගීවූ යොවුන් ක්‍රීඩිකා හෂිනී ප්‍රබෝදා හැරුණු විට සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගැනීම විශේෂත්වයක් විය.
ගයන්තිකා අබේරත්න මීටර් 1500 ඉසව්වෙන් නව (ගෘහස්ත ) ශ්‍රි ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගත් අතර නිමාලී ලියනාරච්චි 800, උපමාලිකා රත්නකුමාරි 400 හා ප්‍රසාද් විමලසිරි – දුර පැනීම ඉසව්වලින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්විය.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…