ආසියානු මැරතන්: අරුණසිරි උපරිම දක්ෂතාව දක්වද්දී, නිලූකා රාජසේකර ස්ථාන 6ක් පසු බසීයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු මැරතන් තරගය චීනයේ ඩොන්ගුවාන් හිදී අවසන් වූයේ, ඉන්දීය මැරතන් ක්‍රීඩක ගෝපි තොනකාල් (Gopi Thonakal) හට (2:15.48) ජයග්‍රහණය ලබා දෙමිනි.

ඉන්දීය ක්‍රීඩකයෙකු ආසියානු මැරතන් කිරුළ ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

මීට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ ප්‍රදීප් අරුණසිරි දසවැනි ස්ථානය හිමිකරගැනීමට සමත්වූයේ පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් වීම විශේෂත්වයක් විය.

අරුණසිරි තරගය අවසන් කිරීමට පැය 2:20:58 ක කාලයක් වැය කළේය.

පිරිමි තරගයේ දෙවැනි ස්ථානය උස්බකිස්තාන ක්‍රීඩකයෙකුට හිමිවූ අතර, මොන්ගෝලියානු ක්‍රීඩකයෙකු තුන්වැනි ස්ථානයට පත්විය.

මෙහි කාන්තා ඉසව්වට සහභාගීවූ නිලූකා ගීතානී රාජසේකරට, බලාපොරොත්තුවූ දක්ෂතා දැක්වීමට හැකි නොවීය.

පසුගිය දා කතා බහට ලක්වූ ඇය, තරගය අවසන් කළේ පැය 2:47:43 ක කාලයක් වාර්තා කරමින් 11 වැන්නා ලෙසයි.

2015 වසරේ දී නිලූකා ආසියානු මැරතන් තරගවේ 5 වැනි ස්ථානය හිමිකරගනිමින්, 2016 රියෝ ඔලිම්පික් උළෙලට ද සුදුසුකම් ලබා ගත්තාය.

2015 ජනවාරි මස පැය 2:40:07 ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කී ඇය පසුගය වසර දෙකක කාලයක් තුළ දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස වාර්තා වන්නේ මෙම වසරෙ අප්‍රේල් මස නෙදර්ලන්තයේ දී තරග වදිමින් දැක්වූ 2:47:23 ක කාලයකි.

ආසියානු මැරතන් තරගයේ පළමු ස්ථානය උතුරු කොරියානු ක්‍රීඩිකාවක් හිමිකරගත්තේ, පැය 2:28.52 කාලයක් වාර්තා කරමිනි.

ජපාන ක්‍රීඩිකාවක් දෙවැනි ස්ථානයට පත්වූ අතර, තුන්වැනි ස්ථානය හිමිකරගත්තේ උතුරු කොරියානු ක්‍රීඩිකාවක්වේ.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org