සුගතදාස ධාවන පථය එළීම කල් යෑමෙන්, පොදුරාජ්‍ය මණ්ඩලයීය සැලසුම් කොට උඩ

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය නැවත එළීම පසුගිය දා, (සැප්තැම්බර් 14) උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ ද, මාර්තු මාසය තෙක් එම කටයුතු අවසන් නොවනු ඇතැයි වාර්තාවේ.

ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මස ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සූදානම් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත වූ තේරීම් තරගාවලිය පැවැත්වීමට සුදුසු ක්‍රීඩාංගණයක් නොමැති වීමේ අවධානමක් මතුව තිබේ.

දියගම ක්‍රීඩාංගණයේ ධාවන තීරුවද මේවනවිට, සුදුසු තත්ත්වයේ නොපැවතීම මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මලල ක්‍රීඩා සංගමය ලබා දී ඇති පරිසාධන මට්ටම් පසු කිරීම සිහිනයක් වනු ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් ද මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර ඇතත්, ඊට විකල්පයක් සොයා ගැනීම දුශ්කර කාර්යයක් වනු ඇත.

ශ්‍රී ලංකාව සතුව ඇති කෘතීම ධාවන තීරු දෙකම මේවනවිට නොමැති පසුබිමක මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කටයුතු හෝ සිදු කිරීමට ස්ථානයක් නැත.

මෙම වසර අවසාන වන විට සුගතදාස ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට යෝජනා වී තිබුණ ද, එම කාලයේ දී එය සිදු කිරීමේ හැකියාක් නැති බව වාර්තා වේ.

2012 වසරේදී ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන්, ලහි ලහියේ ධාවන පථය එලීම හේතුවෙන්, වසරක් හෝ යාමට මත්තෙන් ධාවන පථයේ කඩතොලු මතු වීම හේතුවෙන්, මෙවර එවැනි අවධානමක් නොගනු ඇත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org