2020 දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේදී

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රී ලංකාව විසින් මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමේ සූදානමක් ඇතැයි අද හෙළිවිය. ඒ මීළඟ වසර වෙනුවෙන් වන අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍යවරයා විසින් කියවීමේදීය.

දියගම ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 1500 ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබේ.

2020 වසරේ දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මෙරට දී පැවැත්වීමේ අරමුණින් දියගම ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනයට මූලිකත්වය දෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් හා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නේවාසිකව පුහුණුවීමේ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් බවට දියගම පත්කිරීමට නියමිතවේ.

මේ වනවිට අතරමග නවතා ඇති, ඉදිකිරීම් අවසන් කිරීමට ඒ අනුව හැකිවනු ඇත.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය වසරේ ඉන්දියාවේ ගුවහාටි හීදී පැවති අතර මීළඟ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය නේපාලයට ලබා දෙන ලදී.

නමුත්, ලබන වසරේ පැවැත්වීමට නියමිතවූ ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් නේපාලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

ඒ අනුව ලබන වසරේ දි ක්‍රීඩා උළෙල නොපැවැත්වීමට තීරණය විය.

අද හෙළිවූ කරුණු අනුව 2019 වසරේදී ද ක්‍රීඩා උළෙල නොපැවැත්වෙනු ඇත.

දියගම ක්‍රීඩාංගණයට අමතරව සුගතදාස ක්‍රීඩාංගණය ද සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් සැලකිය යුතු මුදලක් වෙන් කර ඇත.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ කටුයුතු සඳහා රුපියල් මිලියන 100 ක් හා සුගතදාස ප්‍රධාන ක්‍රීඩාංගණයේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1200 ක් වෙන් කර තිබේ.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org