මලල ක්‍රීඩාවේ වටිනාකම – ගුවනේ ඉදිකළ අමුතු ධාවන පථය

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ඉඩ කඩ මදිකමින් වහල මත ඉදිකළ ධාවන පථයක්

චීනයේ තින්තායි, ප්‍රදේශයේ ඉදිකළ විශ්මිත නිර්මාණයක් ලෙස පහත ඡායාරූපයේ සටහන්ව ඇති ධාවන පථය සැලකිය හැකියි.

ජනාකීර්ණ ප්‍රදේශයක ප්‍රාථමික විද්‍යාලයක් ඉදිකිරීමේදී, කෘතීම ධෘවන පථයක් මලල ක්‍රීඩාව වෙනුවෙන් ද නිර්මාණය කර ඇත්තේ, පාසලේ ඉහළ මාලයේය.

ධාවන ඉසව් සඳහා ධාවන පථයක වැදගත කම මොනවට හඳුනාගෙන ඇති නිර්මාණ කරුවන් 1800 ක් පමණ වන දරුදැරියන් වෙනුවෙන් මෙම නිර්මාණය සිදුකර තිබේ.

දරු දැරියන්ගේ ආරක්ෂාවට වැඩි අවධානමක් යොමුකරමින්, ඉදිකර ඇති ධාවන පථය මීටර් 200 පථයකින් යුක්ත වේ.

චීනය මූල්‍යමය ඇති අති ධනවත් රාජ්‍යයක් වුව ද, පරිසර සාධක හා ක්‍රීඩාවේ වටිනාකම හඳුනාගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙවන් නිර්මාණයක් සිදුකළ ද, මෙරට ඇති එකම ධාවන පථ වලට ඇත්ව ඇති ඉරණම ඛේදජනකවේ.

නව ක්‍රීඩාංගණ ඉදිකිරිමට වැඩි අවධානයක් යොමුකරන පාලකයන්, ධාවන ඉසව් සඳහා වත්මන් ලෝකයට අත්‍යාවශ්‍යම ධාවන පථ සඳහා අවධානය යොමු නොකිරීම ක්‍රීඩාවේ අවසනාවක් ලෙස දැක්විය හැක.

මෙම පාසලේ ධාවන පථය ඉදිකර ඇත්තේ 2014 වසරේදී වන අතර, පාඨකයන්ගේ දැන ගැනීම උදෙසා පළ කරන ලදී.

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org