ක්‍රීඩා නිළධාරීන්ගේ කියුම් කෙරුම් එළිවෙයි – සභාපතිගෙ පිටියත් මඩ වගුරක්

සමස්ත ලංකා ක්‍රීඩා නිළධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති බී.වී. රෝහණ ජයලාල්

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය වර්ජනය කළ සමස්ත ලංකා ක්‍රීඩා නිළධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපතිවරයා බී.වී.රෝහණ ජයලාල්, මලල ක්‍රීඩා නීති ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින්, ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා දිවිය විනාශ කිරීමට තැත් කළත්, තම යුතුකම ඉටු කිරීමට අපොහොසත්වූ වෙකු බව අනුරාධපුර පැවති යොවුන් ක්‍රීඩා උළෙලේ දී පසක් විය.

ඒ මහතාගේ යටතේ ක්‍රියාත්මක වන අනුරාධපුර රජරට ක්‍රීඩා සංකීර්ණය, එසේත් නැතහොත් සල්ගාදු ක්‍රීඩාංගණය මලල ක්‍රීඩාවට උචිත තත්වයක නොපැවතින.

දින හතරක් පුරා පැවති මලල ක්‍රීඩා තරගාවලියේදී එකදු තරගාවලි වාර්තාවක් හෝ වාර්තා නොවීමෙන් ක්‍රීඩාංගණයේ තත්වය මොනවට පැහැදිලි විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මෙවර තරග සමයේ අවසන් තරගාවලිය ලෙස පැවති යොවුන් ක්‍රීඩා උළෙලට සභාගීවූයේ ඉමහත් බලාපොරොත්තු ගෝන්නක් සමග වුවද, ක්‍රීඩා කිරීමේ වටපිටාවක් එහි නොවීය. පළමු දින දෙකේදේ වාර්ශාවෙන් බාධා එල්ලවුවත්, පොඩි වර්ෂාවකට වුවද ක්‍රීඩාංගණය ඔරොත්තු නොදෙන තත්වයක් එහි විය.

තණ කොළ සහිත ධාවන පථයක් බලාපොරෝත්තු වුවද එහි තණ කොළ සහිත ප්‍රදේශ නොවූයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වැදීමට සිදුවූයේ මඩගොඩක වීම දැක ගත හැකි විය. එහිදී ඔවුන්ගේ උපරිම දක්ෂතා දැක ගැනීමට හැකි නොවීය.

2014 වසරේ දී පමණ ප්‍රතිසංස්කරණය වූ සල්ගාදු ක්‍රීඩාංගණය, ඉන් අනතුරුව මලල ක්‍රීඩාවට සුදුසු තත්වයක නොතිබිණ. ඊට වගකීම භාරගත යුත්තේ ක්‍රීඩාංගණය භාර බී.වී.ආර්.ජයලාල් ඇතුළු නිළධාරීන්ය.

යොවුන් ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුරද ජාතික ක්‍රීඩා උළෙලේ ඔවුන් කළ කුහක වර්ජනයට මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සාහ කළ මේ පුද්ගලයා, ධාවන පථයේ රැඳී තිබූ ජලය ඉවත් කිරිමට හෝ උත්සාහ නොකළේය.

ක්‍රීඩාංගණයේ ධාවන පථයේ මඩ ස්වභාවය හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

දුර හා තුන් පිම්ම පැනීමේ ඉසව් මඩ ගොහොරුවක සිදුකළ ඔවුන් මැසිවිලි නැගුවේ, ක්‍රීඩාංගණය භාරකරුවන් ඊට කිසිදු ප්‍රතිකර්මයක් කිරීමට උත්සුක නොවූ බවයි.

ශ්‍රී ලංකා වාර්තාව හිමි තුන්පිම්ම ක්‍රීඩිකා විදූෂා ලක්ෂානී සිය ඉසව්ව සිදු කළේ අවම පහසුකම් යටතේයි. මඩ ගෝහොරුවක දුර පැනීමේ ඉසව්වට සහභාගීවූ ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා රිදී පදක්කම දිනූ අමිල ජයසිරිට හිමිවූයේ සිව්වැනි ස්ථානයයි. ඔහු දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි ක්‍රීඩකයාද වේ.

මෙවන් අඩු ලුහුඬුකම් කප්පරකට විසඳුම් ලබා නොදුන් මෙවන් පුද්ගලයන්, ක්‍රීඩාවේ නීති ගැන සඳහන් කරමින් සිය වෘත්තීය අවශ්‍යතා වෙනුවෙන් කිඹුල් කඳුලු සැලීම හාස්‍ය ජනකය.

ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩාව නැංවීම හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් යමක් කිරීම නොව, පුද්ගලික අභිමතාර්තයන් මුදුන් පත් කරගැනීම වෙනුවෙන් කාගේ හෝ කර මතින් ගමනක් යෑමය.

යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී එකදු තරගාවලි වාර්තාවක් හෝ බිඳු නොවැටීමට හේතු වූයේ, ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර වීමයි.

මහජන දේපළක් වූ රජරට ක්‍රීඩා සංකීර්ණය මෙවන් අවස්ථා වාදීයෙකුගේ යටතට පත් ව තිබීමෙන් රජරට ක්‍රීඩාවට අත්වන ඉරණම කෙසේනම් විසඳිය හැකි ද ?

 

 

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix, Yupun and Nadeesha finished on the podium

Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…

6 days ago

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

1 week ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

1 week ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

2 weeks ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

3 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

3 weeks ago