යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි ද? ජාතික මහා ක්‍රීඩා උළෙල කොට උඩ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා උළෙල ලබන මස 3 වැනි දා දක්වා කල් දමා ඇතැයි වාර්තා වීමත් සමග මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක සහභාගීත්වය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබේ.

ලබන 22 වැනි දා සිට දින තුනක් මාතර දී පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ප්‍රධාන පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා සහභාගීවීමේ අපේක්ෂාවෙන් පසුවිය.

යම් හෙයකින් යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය කල් ගියහොත්, යුද හමුදාව නියෝජනය කරන බොහෝ ක්‍රීඩකයන් ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී නොවනු ඇත‍

වත්මන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ බහුතරයක්, යුද හමුදාව නියෝජනය කරන අතර, ඔවුනගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ තමන්ට අනුග්‍රහය දක්වන රෙජිමේන්තුව හෝ සේවා කණ්ඩය ජයග්‍රහණය කරවීමයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැසිවිලි නගන්නේ, ඔවුනට තරගාවලි දෙකටම සහභාගීවීමේ අවස්ථාව සලසන ලෙසයි.

දේශීය මලල ක්‍රීඩකයන්ට මෙම වසරේ සහභාගීවීමට නියමිත අවසන් තරගාවලි දෙක වීම හේතුවෙන්, ක්‍රීඩාවට සැබෑවට ආදරයක් ඇත්නම්  මේ ගැන අවධානය යොමු කළ යුතු නොවේ ද ?

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org