ආබාද අමතක කළ දුලක්ෂී, ජාතික ක්‍රීඩා තුන් ප්‍රයාමෙන් රන් පදක්කම දිනා ගනී.

By | September 5th, 2017 | Latest News, Sinhala

ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා තුන්ප්‍රයාම ඉසවිවේ රන් පදක්කම දකුණු පළාතට දිනා දීමට එරංගා දුලක්ෂී අද සමත්වූවාය.

ආබාදයක් හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකර මාස හයකට ආසන්න කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ඇය අද කුරුණෑගලදී මෙම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබේ.

මීටර් 750 ක පිහිණුම් ඉසව්ව, කිලෝමීටර් 20 ක පාපැදි ඉසව්ව හා කිලෝමීටර් 5 ක ධාවන ඉසව්වට සහභාගීවෙමින් එරංගා ජයවාර්තා කිරීමට සමත්ව තිබේ.

ඊට ඇය ගත කල කාලය 1:10:10 කි.

එහි පිරිමි අංශයේ ජය හිමිවූයේ උතුරු පළාත නියෝජනය කරන සුරංග නුවන් කුමාරටයි.

තරගය පැවැත්වුණේ කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේදීය.

Leave a Reply