රිදී පදක්කමක් ලබා දෙමින් පැරා ලෝක ශූරතාව අවසන් වෙයි අමරා හා අනිල් සුපිරි තරු අතරට

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories, Videos

පැරා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය රිදී පදක්කමක් සමගින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබී තිබුණේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට හා එක් ක්‍රීඩිකාවකට පමණක් වුවත් එහිදී තරගාවලියේ පළමු දිනයේදී ම රිදී පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත සමත්විය.

https://www.facebook.com/CeylonAthletics/videos/404499406612179/

ඊට අමතරව අනිල් ප්‍රසන්න ජයලත් ටී 42 කාණ්ඩයෙන් මීටර් 100, 200 හා දුර පැනීමේ ඉසව්වලට සහභාගීවිය. එක් පාදයක් හෝ පාද දෙකම අප්‍රාණික ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන මෙම ටී 42 කාණ්ඩයේ තරගාවලදී මීටර් 200 අවසන් තරගයේ දී අනිල්ට, ලොව හයවැන්නා බවට පත්වීමට හැකි විය.

https://www.facebook.com/CeylonAthletics/videos/404605373268249/

 

https://www.facebook.com/CeylonAthletics/videos/405001859895267/

එසේම මීටර් 100 අවසන් තරගයේදී, අවසනාවන්ත ලෙස වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් අනිල්ට තරග වැදීමේ අවස්ථාව අහිමි වුවත්, ඔහු එහි මූලික වටයේ තුන්වැනි ස්ථානය ලබා ගනිමින් පදක්කමක් වෙනුවෙන් සිහින දකිමින් පසුවිය.

https://www.facebook.com/CeylonAthletics/videos/405194179876035/

 

එසේම ඔහු සහභාගීවූ දුරපැනීමේ ඉසව්වේදී අනිල්ට 6 වැනි ස්ථානයෙන් සූහීමට පත්වීමට සිදුවිය.

ඔහුට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව හිමිවූයේ අමාර ඉන්දුමතී ක්‍රීඩිකාවටයි. අමරා ටී 47, කාණ්ඩයෙන් මීටර් 200, 400 හා දුර පැනීමේ ඉසව් සඳහා සහභාගීවිය.

මීටර් 200 මූලික ඉසව්වේ දී ආරම්භය පමා වීම හේතුවෙන් ඇයට අවසන් තරගයේ අවස්ථාව හිමි නොවීය. එම කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වේ දී 7 වැන්නා වූ අමරා, මීටර් 400 අවසන් තරගයේදී 5 වැන්නා ලෙස තරගය අවසන් කිරීමට සමත්විය.
https://www.facebook.com/CeylonAthletics/videos/408363539559099/

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org