පැරා ශූර අනිල් ජයලත්ට අවාසනාව හරස්වෙයි

By www.ceylonathletics.com | | Featured Articles, Sinhala, Top Stories

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ අනිල් ප්‍රසන්න ජයලත්ට අද (18) අළුයම පැවති ටී.42 මීටර් 100 තරගයෙන් අවාසනාවන්ත ලෙස ඉවත්වීමට සිදුවිය.

ආසියානු පැසිෆික් පදක්කම් ලාභියෙකු ලෙස මෙම තරගයට සහභාගී වූ අනිල්ට තරගය අහිමිවූයේ, වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙනි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටියදී ආබිදයකට ලක්වූ අනිල්, ක්‍රීඩාවෙන් ලොව ජය ගනිමින් එම කාණ්ඩයේ පළමු ක්‍රීඩකයන් 9 දෙනා අතරට පැමිණීමම ජයග්‍රහණයක් ලෙස දැක්විය යුතුය.

අනෙක් රටවල්, නවීන තාක්ෂණය හා නවීන අංගෝපාග සමගින් පුහුණුකටයුතු සිදුකරමින් තරග වදිද්දී ⁣අනිල් වැනි මෙරට ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ අවම පහසුකම් යටතේය.

එංගලන්තයේ පැවැත්වෙනවෙන ලෝක ශූරතා පැරා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් අනිල්ට අමතරව අමරා ඉන්දුමතී හා දිනේශ් ප්‍රියන්ත හේරත් සහභාගී වේ. දිනේෂ් තරගාවලියේ පළමු දිනයේම හෙල්ල විසිකිරීමෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

අනිල්ගේ මීටර් 100 අවසන් තරගය

https://www.facebook.com/CeylonAthletics/videos/405194179876035/

අනිල්ගේ මීටර් 100 මූලික තරගය

https://www.facebook.com/CeylonAthletics/videos/405001859895267/

දිනේෂ් පදක්කම දිනාගත් තරගය

https://www.facebook.com/CeylonAthletics/videos/404499406612179/

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org