මැරතන් ශූර අනුරාධට එංගලන්තයේදී තවත් ජයක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

මැරතන් ශ්‍රී ලංකා වාර්තාව හිමි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එංගලන්තයේ පැවති අර්ධ මැරතන් තරගයක ජයග්‍රහණය හිමික⁣ර ගැනීමට සමත්විය. එංගලන්තයේම ලබන මස පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා සිටින අනුරාධ, මෙරටින් ඊට සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩකයායි.

ඔහු මේදිනවල ඊට පුහුණුවීම් සිදුකරන අතර ඉරිදා (16) පැවති “විකුම්බ්” (Wycomb) අර්ධ මැරතන් තරගයේදී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්ව ඇත. අනුරාධ එහිදී පැයයි මිනිත්තු 13 තත්පර 28 ක කාලයක් වාර්තා කර තිබේ.

අර්ධ මැරතන් තරගවල ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේද අනුරාධ ඉන්ද්‍රජිත් කුරේයි. 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org