Video: පැරා (ආබාධිත) මීටර්100 අවසන් තරගයට ගිය අනිල්ගෙන් ලෝකයටම ආදර්ශයක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories, Videos

ආබාදිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් එංගලන්තයේ ලන්ඩන් හිදී පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ටි 42 කාණ්ඩයේ මීටර් 100 මූලික වටයට අනිල් ප්‍රසන්න සහභාගීවිය.

අනිල් ප්‍රසන්න ඉහත කාණ්ඩයේ ආසියානු පදක්කම් ලාභියෙකුද වේ.

සාපේක්ෂව අනෙක් ක්‍රීඩකයන්ට තරම් පහසුකම් නොමැතිව තරගයට සහභාගීවූ අනිල් පළමු මීටර් 50 පමණ වන තෙක් පෙරමුණේ පසුවිය.

නමුත් අවසන් මීටර් කිහිපයේදී, තරගයේ වාසිය ගත් බ්‍රිතාන්‍යයේ රිචඩ් වයිට්හෙඩ් තරගය ජයගැනීමට සමත්වූ අතර, ජර්මනියේ ලියෝන් ස්කේෆර් දෙවැනි ස්ථානයට පත්විය.

තුන්වැනි ස්ථානය තෙක් සටන් කළ, දකුණු අප්‍රිකාවේ ටැන්ඩෝ මාලංගුට, අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පෑමට සිදුවිය.

ඔහු තරගය අතරතුර ඇද වැටුණ අතර, ඔහුට පළමු ස්ථාන අතරට පැමිණීමට නොහැකිවිය.

කෙසේ වෙතත් එහිදී ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්නගේ හැසිරීම කාගේත් අවධානයට යොමුවිය.

අනිල් දකුණු අප්‍රිකාවේ ටැන්ඩෝ මාලංගු වෙත ගොස්, ඔහුට තරගය අවසන් කිරීමට සහයෝගය ලබා දුන්නේය.

අනිල් පසන්න තත්පර 12.69 කින් තරගය අවසන් කළ අතර, අවසන් තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.

තරගයේ වීඩියෝව

https://www.facebook.com/CeylonAthletics/videos/405001859895267/

 

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org