Video: පැරා (ආබාධිත) මීටර්100 අවසන් තරගයට ගිය අනිල්ගෙන් ලෝකයටම ආදර්ශයක්

ආබාදිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් එංගලන්තයේ ලන්ඩන් හිදී පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ටි 42 කාණ්ඩයේ මීටර් 100 මූලික වටයට අනිල් ප්‍රසන්න සහභාගීවිය.

අනිල් ප්‍රසන්න ඉහත කාණ්ඩයේ ආසියානු පදක්කම් ලාභියෙකුද වේ.

සාපේක්ෂව අනෙක් ක්‍රීඩකයන්ට තරම් පහසුකම් නොමැතිව තරගයට සහභාගීවූ අනිල් පළමු මීටර් 50 පමණ වන තෙක් පෙරමුණේ පසුවිය.

නමුත් අවසන් මීටර් කිහිපයේදී, තරගයේ වාසිය ගත් බ්‍රිතාන්‍යයේ රිචඩ් වයිට්හෙඩ් තරගය ජයගැනීමට සමත්වූ අතර, ජර්මනියේ ලියෝන් ස්කේෆර් දෙවැනි ස්ථානයට පත්විය.

තුන්වැනි ස්ථානය තෙක් සටන් කළ, දකුණු අප්‍රිකාවේ ටැන්ඩෝ මාලංගුට, අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පෑමට සිදුවිය.

ඔහු තරගය අතරතුර ඇද වැටුණ අතර, ඔහුට පළමු ස්ථාන අතරට පැමිණීමට නොහැකිවිය.

කෙසේ වෙතත් එහිදී ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්නගේ හැසිරීම කාගේත් අවධානයට යොමුවිය.

අනිල් දකුණු අප්‍රිකාවේ ටැන්ඩෝ මාලංගු වෙත ගොස්, ඔහුට තරගය අවසන් කිරීමට සහයෝගය ලබා දුන්නේය.

අනිල් පසන්න තත්පර 12.69 කින් තරගය අවසන් කළ අතර, අවසන් තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.

තරගයේ වීඩියෝව

Congratulations !!!Anil Prasanna Jayalath qualified to the T42 100m Finals as he finished 3rd in heats at World Para Championshipයුද හමුදාවේ අනිල් ප්‍රසන්න ජයලත් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ටී42 කාණ්ඩයේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලබයි.

Posted by Ceylon Athletics on Monday, July 17, 2017

 

 

 

Comments

comments

Leave a Reply

error: Do not try to steal contents. CeylonAthletics.com Content is protected !!