මෙරට පැරා තරු අද ලෝක ශූරතා තරගාවලියේ තරග බිමට

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

පැරා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද එංගලන්තයේ ලන්ඩන් හීදී ආරම්භ වේ.

මීට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවක සහභාගීවන අතර ඔවුන් අද තරග බිමට පිවිසෙනු ඇත.

අමරා ඉන්දුමතී ක්‍රීඩිකාව ටී. 46/47 කාණ්ඩයෙන් මීටර් 200 හා මීටර් 400 ඉසව් සඳහා සහභාගීවන අතර, පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත එෆ්. 46/47 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගීවීමට නියමිතවේ.

මෙරට වේලාවෙන් හෙට අළුයම 1.50 ට පමණ හෙල්ල විසිකිරීමේ අවසන් තරගය ආරම්භ වීමට නියමිතය.

මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කමක් බලාපොරොත්තු තබා සිටියි.

මීට අමතරව අද අමරා ඉන්දුමතී, මීටර් 200 මූලික වටයේ ඉසව්වට සහභාගීවීමට නියමිතය.

ඇයගේ තරගය ආරම්භ වීමට නියමිත වන්නේ, මෙරට වේලාවෙන් හෙට අළුයම 2.50 ට පමණය.

මීට අමතරව අනිල් ජයලත් ටී. T42 කාණ්ඩයෙන් මීටර් 200 හා දුර පැනීමේ ඉසව් සඳහා සහභාගීවීමට නියමිතවේ.

ඔහු හෙට මීටර් 200 අවසන් තරගයට සහභාගීවීමට නියමිතය.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org