දිලිප්, අජිත් හා මංජුල පහසුවෙන් ඊළඟ වටයට (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තරග ආරම්භ කරමින් අද මූලික වටයේ තරග කිහිපයක් අද පෙරවරුවේ ඉන්දියාවේ ඔඩිෂාහී, බුබනේෂ්වර් නුවර කලිංගා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

මීටර් 400 පිරිමි මූලික තරග සඳහා සහභාගීවූ දිලිප් රුවන් හා අජිත් ප්‍රේමකුමාර පිලිවෙලින් පළමු හා දෙවැනි ස්ථාන හිමිකරගනිමින් අවසන් පූර්ව වටයේ තම ස්ථාන තහවුරු කරගත්තේය.

ඔලිම්පික් වරම් හිමිකරගත් ඉන්දියාවේ ප්‍රභල ක්‍රීඩක මොහොමඩ් අනාස් ද සහභාගීවූ, පළමු මූලික තරගය දිලිප් රුවන් පහසුවෙන් ජයගත්තේ, තත්පර 46.58 ක කාලයක් වාර්තා කරමිනි.

දෙවැනි මූලික තරගයේ දී අජිත් ප්‍රේමකුමාර ඉන්දිය ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වුවද, තත්පර 46.82 ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ය.

මෙම ඉසව්වෙන් 2015 ආසියානු ශූරතාවලියේ රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් තිදෙනාම මෙවර තරගාවලියට සහභාගී නොවීම විශේෂත්වයක් වේ.

මේ අතර, උස පැනීමේ ආසියානු රන් පදක්කම් ලාභී මංජුල කුමාර ද අද මූලික වටයට සහභාගී වෙමින්, පහසුවෙන් මීටර 2.10 ක් වන සුදුසුකම් ලබා ගැනීමේ සීමාව තරණය කිරීමට සමත්විය.

මෙම ඉසව්වෙන් රියෝ ඔලිම්පික් රිදී පදක්කම දිනාගත්, කටාර් හී මුටාස් බාශිම් මෙවර තරගාවලියට සහභානොවීම හේතුවෙන්, තරගාවලියේ පදක්කමක් ලබා ගැනීමේ බලාපොරොත්තව ඉහළ නංවාගැනීමට මංජුල කුමාරට හැකිවනු ඇත.

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org