“කුලී” ක්‍රීඩකයන් හේතුවෙන් ආසියාවේ මලල ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම (සම්පූර්ණ කතාව)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු මලල ක්‍රීඩාව විනාශ කරන මැද පෙරදික ක්‍රීඩක ආක්‍රමණයේ අඳුරු පැති කඩ: මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්‍රීඩාවක් වීමත් සමග ආසියානු කලාපය ගිල ගැනීමට මැද පෙරදිග රටවල් ක්‍රියාත්මක වෙමින් සිටියි.

එදා සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා ආසියානු කලාපයේ ලිලිපුට්ටන් ලෙස සඳහන්වූ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු කරයේ ජය කෙහෙලි නැංවූයේ එවකට මලල ක්‍රීඩාව සූදුවක් නොවූ වපසරියක්ව පරසරයකදීය.

නමුත් මේවනවිට, ආසියානු කලාපයේ මලල ක්‍රීඩාව ගිලගැනීමට මූළ්‍ය ශක්තියෙන් හෙබි මැද පෙරදිග රටවල්වලට හැකිව තිබේ.

ආසියානු කලාපයේ දැවැන්තයන් වූ ජපානය හා චීනය අභිබවා යාමට මෙලෙස කුලියට ගත් ක්‍රීඩක ක්‍රීඩිකවන් යොදා ගැනීමට මැද පෙරදිග රටවල් පිඹුරුපත් සකස් කළේය.

ඒ අනුව ආසියානු කරයේ පදක්කම් සටනට, කටාර්, බහරේන්, එක්සත් අරාබි එමීර් එක්වූයේ අප්‍රිකානු හා දකුණු ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය මූල්‍ය ශක්තියෙන් කුලියට ගනිමිනි.

මලල ක්‍රීඩවේ දක්ෂතාවට අමතරව ජාන මෙන්ම හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව ද දක්ෂතා වෙනස්වේ.

දුරදිවීමට හපන් අප්‍රිකානු කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, තම රට නියෝජනය කිරීමට අවස්තාව ලැබෙන්නේ අල්ප වශයෙනි.

ඒ හේතුවෙන් මූල්‍ය අවශ්‍යතා මත ඔවුන් වෙනත් රටක් නියෝජනය කිරීමට යොමුවීමත් සමගම මෙය ව්‍යාප්ත විය.

2013 ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පටන් මෙම තත්වය විශාල වශයෙන් දැකගත හැකි විය.

එම තරගාවලියේ දී මෙලෙස කුළියට ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිබවා යමින්, පදක්කම් 23 ක් ලබා ගත්තේ රන් පදක්කම් 8 ක් සමගිනි.

ඉන් ඉහත ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මලල ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක් දිනා ගැනීමේ අවස්ථා හිමිවුව ද වර්තමානයේ දී එම අවස්ථාව නොලැබේ.

ආසියාවේ උස පැනීමේ ශූරයා වූ මංජුල කුමාර ආසියානු ශූරයා වීමට දෙවරක් සමත් වුවද, වර්තමානයේ මංජුල දැක්වූ දක්ෂතාවට පදක්කමක් හිමිවීමේ අවස්ථාවක් නැත.

2015 චීනයේ දී පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඉහත තත්වය ඉහල දැමූ කුලී ක්‍රීඩ ක්‍රීඩිකාවන් රන් පදක්කම් 13 ක ඇතුළුව පදක්කම් 21 ක් දිනා ගැනීමට සමත් වූයේ ආසියානු කරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් සිහිනය, සිහිනයක් පමණක් කරමිනි.

කෙනෙකු මෙය ප්‍රශ්ණ කළ හැක. ඒ, ඔවුන්ගේ දක්ෂතාවයෙන් ජයගන්නා බව පවසමිනි.

ඇමරිකාවේ හෝ ජැමෙයිකාව ගත් කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියමිත පරිසාදන මට්ටම පසුකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොග පිටින් සිටීයි. ඔවුනගෙන් ජාත්‍යන්තර තරගාවලියකට අවස්ථාව ලැබෙන්නේ වේගවත්ම ක්‍රීඩකයන හෝ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බැගිනි.

ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත කරවීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

කෙටි දුර ධාවනයේ වේගවත්ම ක්‍රීඩකයන් සිටින ජැමෙයිකාවේ තත්පර 10 ට අඩු කාලයකින් අවසන් කරන ක්‍රීඩකයන් බුරුතු පිටින් සිටී නමුත්, ජාත්‍යන්තර තරගයකට එක්වීමට අවස්ථාව ඇත්තේ ඉන් තිදෙනෙකුට පමණි. ඒ හේතුවෙන් ලොව අනෙක් රටවල ක්‍රීඩකයන්ටද ජාත්‍යන්තර කරලියේ තරග අවස්ථාව හිමිවේ.

මූල්‍ය ශක්තියෙන් හෙබි මැද පෙරදිග රටවල් සිදුකරන්නේ ඉතිරිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුදලට ගෙන තරග අවස්ථාව ලබා දීමයි.

අදාල ක්‍රීඩකයන් මුදලට ගිජුව සිය උපන් රට අමතක කර, මැද පෙරදිගට සංක්‍රමණය වී, ආසියාව නියෝජනය කරයි.

ආසියානු කලාපයේ මූල්‍ය ශක්තියෙන් සන්නද්ධ මෙම රටවල් වල ක්‍රියා කලාපය අභිබවා යාමට ආසියානු මලල ක්‍රීඩා සංගමයට ද ශක්තියක් නැත.

එහෙයින් මෙම තත්වය දිනෙන් දින උග්‍රෙවමින් පවතී.

ආසියානු මලල ක්‍රීඩා වාර්තා අතර පෙරමුණේ සිටින්නේ මෙවන්, කූලි මලල ක්‍රිඩකයන්ය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා වාර්තා 10ක් අතුළුව ආසියානු වාර්තා 30කට ආසන්න සංඛ්‍යාවක් උසුලන්නේ මෙවන් කූලී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ.

ආසියානු නොවන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ආසියාවේ මලල ක්‍රීඩාව ගිල ගනිමින් සිටීයි.

දිනෙන් දින වර්ධනය වන මෙම තත්වය හේතුවෙන්, ආසියාවේ දැවැන්තයන් වන චීනය, ජපානය හා ඉන්දියාවට මෙන්ම කසක්ස්තානයට ද ස්වභාවිකව තම රටේ උපන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් සමගින් තරග කිරීමේ අවස්ථතාව අහිමිව තිබේ.

ආසියාවේ වේගවත්ම ක්‍රිඩකයා නයිජීරියාවේ ෆෙමි ඔගුනොඩේ කටාර් වෙනුවෙන් වාර්තා කරද්දී, මීටර් 400 කාන්තා හා මීටර් 400 කඩුලු ආසියානු ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් යුගලය නයිජීරියාවේ කෙමි අඩෙකෝයා බහරේන් වෙනුවෙන් හිමිකරගනී.

ආසියාවේ මීටර් 800 ශූරයා කෙන්යානු ක්‍රීඩකයෙකු වන අතර, 1500 මොරොක්කේ ක්‍රිඩකයෙකු ජයගනිද්දී, 5000 ජය ගන්නේ ඉතියෝපියානු ක්‍රීඩකයෙකි.

මෙවන් වපසරියක ශ්‍රී ලංකාව වැනි තාක්ෂණයෙන් මෙන්ම පහසුකම් අතින් පහළ මට්ටමක සිටින සහජ දක්ෂතාවයෙන් සටන් වදින රටකට ඇති අවස්ථාව කුමක් ද ?

හරිහමන් ධාවන පථයක් වත් නොමැතිව පුහුණුවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවන්, ජාන ශක්තියෙන් වැඩි, තාක්ෂණයෙන් සකස්කල පිරිසක් සමග උරෙන් උර ගැටීමට ශක්තිය තිබේ ද ? 

2012 සිට ආසියාවට සංක්‍රමණය වූ කූලී මලල ක්‍රීඩකයන්

Athlete Original Country New Country Eligibility to represent new country from Event Personal best
Dawkit Admasu Ethiopia Bahrain 6 February 2017 Distance runner
Manal Elbahraoui Morocco Bahrain 6 February2017 800 2:00.82 sec
Abderrahaman Samba Mauritania Qatar 06 May 2016 400m, hur400m, 48.31 sec 46.04 sec
Moaaz Mohammad Ibrahim (18 years) Egypt Qatar 14 April 2016 Discus Throw 55.62m
Ahmed Bedir Magour Egypt Qatar 23 April 2016 Javelin Throw 85.23m
Yasr Salem Bagharab (19 years) Yemen Qatar 26 April 2017 1500m, 3000m, St.Ch 3:48.73 sec8:35.37 sec
Kemarley Brown Jamaica Bahrain 19 August 2016 100m, 200m, 9.93 sec 20.38 sec
Rose Chelimo Kenya Bahrain 19 August 2016 Marathon10,000 2:22.51 sec31:37.81 sec
Tigest Mekonen (19 years) Ethiopia Bahrain 9 September2015(issued on 11 June 2016) 3000m, St.Ch 9:26.00 sec
Alsadik Mikhou Morocco Bahrain 17 September 2016 1500m, 3000m, 3:31.34 sec7:44.36 sec
Edidong Odiong Nigeria Bahrain 11 June 2016 200m, 400m, 22.74 sec 53.55 sec
Andrew Fisher Jamaica Bahrain 09 August 2016 100m, 200m, 9.94 sec20.95 sec
Marta Yota Ethiopia Bahrain 9 September2015(issued on 11 June 2016) 800m, 2:04.58 sec
Abraham Cheroben Kenya Bahrain 1 August 2016 10,000 27:31.86 sec
Tigist Gashaw Ethiopia Bahrain 08 October2015 800m, 1500m, 2:05.11 sec4:05.58 sec
Birhanu Belew Ethiopia Bahrain 08 October2015 3000m, 5000m, 10000m, 7:44.29 sec 13:09.26 sec31:16.51 sec
Abdalelah Haroun Hassan Sudan Qatar 02 February 2015 400m, 44.27 sec
Jonathan Kipogei Kenya Bahrain 24 September 2015
Tosin Ogunode Nigeria Qatar 28 January 2016 100m, 10.18 sec
Muhand Khamis Saifeldin Sudan Qatar 28 January 2016 3000m, St.Ch 09.08.82 sec
Hassan Chani Morocco Bahrain 21 March 2015 5000m, 10000m, 13:28.67 sec27:56.48 sec
Abdi Ibrahim Abdo Ethiopia Bahrain 21 March 2015 10000m, 3000m, 29:54.32 sec08:08.91 sec
Fatuma Jawaro Chebsi Ethiopia Bahrain 8 July 2014 3000m, 09:06.87 sec
Evans Rutto Chematot Kenya Bahrain 20 February 2014 5000m, 3000m, St.Ch 13:50.48 sec08:32.61 sec
Dalila Abdulkadir Gosa Ethiopia Bahrain 08 July 2014 1500m, 3000m, 04:09.58sec08:46.42sec
Abdi ali Gelchu Ethiopia Bahrain 21 March 2015 800m, 1500m, 1:50.57 sec3:47.80 sec
Mahamt Allamine Hamdi Chad Qatar 04 March 2016 High Jump 2:26m
Derara Hurisa Ethiopia Bahrain 21 March 2015 Half Marathon 01:01.45 sec
Desi Mokonin Ethiopia Bahrain 09 July 2013 5000m, 15:58.46 sec
Bontu Rebitu Ethiopia Bahrain 21 March 2015 1500m, 3000m, 5000m, 4:17.55sec09:08.67 sec15:25.12 sec
Said Aden said Kenya Qatar 16 June 2015 800m, 1500m, 1:46.25 sec3:37.42 sec
Damaris Muthee Mutua Kenya Bahrain 09 May 2014 1500m, 5000m, 4:29.5 sec15:55. 0sec
Ruth Jabet Kenya Bahrain 19 May 2013 3000m, St.Ch5000m, 8:52.78sec14:53.41 sec
Oluwakemi Adekoya Kenya Bahrain 10 September 2014 400m, 400m, hur 50.72 sec54.12 sec
Eunice Chebichii Chumba Kenya Bahrain 15 September 213 5000m, 10000m, 15:51.7 sec32:22.29 sec
Shumi Dechasa Ethiopia Bahrain 10 September 2014 Marathon 2:06.43 sec
John kibet Koech Kenya Bahrain 14 September 2014 3000m, st.Ch5000m, 08:09.62 sec 13:31.76 sec
Eunice Jepkirui Kirwa Kenya Bahrain 15 July 2014 Marathon 2:21.17 sec
Rajaa Lemmadi Morocco Bahrain 10 September 2014 3000m, 10:26.84 sec
Zelalem Bacha Regasa Ethiopia Bahrain 12 February 2014 Half Marathon 01:03.2 sc
Yimer Aweke Ayalew Ethiopia Bahrain 12 February 2014 5000m, 10000m, 13:05.00 sec29:14.55sec
Nelson Kipkogei Cherutich Kenya Bahrain 12 February 2014 3000m, st.ch5000m, 08:22.24 sec13:49.72 sec
Marouane Habti Morocco Bahrain 22 April 2014 800m, 1500m, 1:47.62 sec3:49.73 sec
Julius Posho Kalekem Kenya Bahrain 12 February 2014 10000m,
Abraham Kipchirchir Rotich Kenya Bahrain 1 April 2014 800m, 1500m, 1:43.13 sec3:44.45 sec
Isaac Korir Kenya Bahrain 13 February 2014 Marathon 2:12.7 sec
Linus Kiplagat Kenya Bahrain 12 February 2014 800m, 1500m, 5000m, 1:47.15 sec3:36.60 sec13:35.53 sec
Benson Kiplagat Seurei Kenya Bahrain 01 April 2014 1500m, 3:31.61 sec
Ahmed Amgad El Seify Egypt Qatar 02 June 2012 Hammer Throw 73.92m

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org