ඔස්ලෝ හී දී මීටර් 200 ජයගත් ඩැෆ්නි ස්නිපර්ස්ට අහිමිකළ ජය, නැවත ලබා දුන්නේ කෙසේ ද?

By www.ceylonathletics.com | | Sinhala, Top Stories, Videos

නොවේර් හි ඔස්ලෝ නුවර පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 200 කාන්තා තරගයේ දී විශේෂ සිදුවීමක් වාර්තා වී තිබේ.

ඒ, අසාර්ථක ආරම්භයක් වාර්තා කල නෙදර්ලන්ත ක්‍රීඩිකා ඩැෆ්නි ස්නිපර්ස් අසාර්ථක ආරම්භයක් (False Start) ලබා ගැනීමෙන් පසුව ද නැවත තරග වැදීමේ අවස්ථාව ලබා දීමයි.

ඉහත හේතුව මත ඇයව තරගයෙන් ඉවත් නොකර නැවත තරග වැදීමේ අවස්ථාව ලබා දුන්න ද ඇය ජය වාර්තා කිරීමෙන් පසුව, ඇයගේ ජයග්‍රහණය අහෝසි කර දෙවැනියා වූ ක්‍රීඩිකාවට ජය ලබා දී තිබේ.

තරග ආරම්භයේදී අධික ඝෝෂාව හේතුවෙන්, ආරම්භක විධානය නිසිලෙස ශ්‍රවණය නොවූ බව සඳහන් කරමින්, ස්නිපර්ස් එය අභියෝගයට ලක්කර ඇති බව වාර්තා වේ.

ඇයගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්  ස්නිපර්ස් වෙත නැවත ජය ලබා දීමට සංවිධායක මණ්ඩලය තීරණය කරතිබේ.

මීටර් 200 ඉසව්වේ ලෝක ශූරිය මෙන්ම රියෝ ඔලිම්පික් උළෙලේ රිදි පදක්කම හිමිකරගත්, ස්නිපර්ස් අද සිය 25 වැනි උපන් දිනය සමරනවා.
https://www.facebook.com/CeylonAthletics/videos/390416978020422/

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org