ශාලික සන්තූෂ් ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබයි
කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශාලික සන්තූෂ් මීටර් 200 ඉසව්වේ පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කරමින් ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.
ඒ අද ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 මූලික තරගයට සහභාගීවෙමින් තත්පර 22.00 ක දක්ෂතාවක් දක්වමිනි.
සන්තුෂ් නැවතත් ඉහත කාලය අලුත් කරමින් අවසන් පූර්ව තරගයේදී තත්පර 21.96 ක දක්ෂතාවකි දකිවමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.



