හර්ෂ ආසියාවට පය ගසයි – යොවුන් මීටර් 800 න් රිදී පදක්කමක් [Video]

By www.ceylonathletics.com | | Schools News, Sinhala, Top Stories

වලල ඒ රත්නායක විද්‍යාලයේ හර්ෂ සඳරුවන් කරුණාරත්න   තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා දීමට අද සමත්විය. අවසන් තරගයේ දී, ආසියානු කලාපයේ ප්‍රභලයන් අභිබවා ගිය ඔහු අවසන් තත්පරය තෙක් පෙරමුණේ පසුවිය.

කෙසේ වෙතත්, ඔහු හඹා පැමිණි ඉන්දියාවේ අභිෂේක් මැතිව් අවසන් මොහොතේ සීමා ඉර පසුකිරීම හේතුවෙන්, හර්ෂට හිමිවූයේ දෙවැනි ස්ථානයයි. ඔවුන් දෙදෙනා අතර වෙනස සටහන් වූයේ තත්පර 0.002 ක් ලෙසය.

හර්ෂගේ තරග නිමි කාලය මිනිත්තුවයි තත්පර 54 යි දශම 993 කි, ඉන්දීය ක්‍රීඩකයාගේ තරග නිමි කාලය වූයේ මිනිත්තුවයි තත්පර 54 යි දශම 991 කි.

එම තියුණු තරගය හා හර්ෂ අප සමග පැවසූ දේ නරඹන්න.

https://www.facebook.com/CeylonAthletics/videos/378456459216474/

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org