යොවුන් ජවය බලාත්මක කිරීමට, ජාතික ක්‍රීඩා විද්‍යායතනයෙන්, මලල ක්‍රීඩා සංචිතයක්

By www.ceylonathletics.com | | Sinhala, Top Stories

මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට නවකයන් හඳුන්වා දීම වෙනුවෙන් ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් විශේෂ මලල ක්‍රීඩා සංචිතයක් ඇති කිරීමට පියවර ගෙන තිබේ.

එම ආයතනයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සජිත් ජයලාල් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයාගැනීමේ වැඩසටහනක් අද(16) කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක විය.

එහිදී මලල ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් මෙන්ම, තේරීම් කටුයුතු ද සිදුවූයේ සජිත් ජයලාල් මහතාගේ අධීක්ෂය යටතේය.

මෙම ව්‍යාපෘතියේදී එක් වසරකදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් පමණවන සංචිතයක් ඇති කිරීමට නියමිත වන අතර, ඔවුන් වෙත වසර දෙකක නේවාසික පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කිරීමට නියමිතවේ.

ඔවුන් වෙනුවෙන් ඉඳුම් හිටුම් හා ආහාර ලබා දීමට අමතරව දීමනාවක් ද ලබා දීමට සැලසුම් කර තිබේ.

වයස 18-22 ක් අතර පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම සංචිතයට තෝරා ගනු ඇත.

“දක්ෂතා සහිත අය හත් අට දෙනෙක් පේන්න ඉන්නව. මේ වැඩසටහන සැලසුම් පරිදි කරන්න හැකි වුනොත් මේ අයගෙන් දෙතුන් දෙනෙක් හදා ගන්න පුළුවන්. ” – සජිත් ජයලාල් ( ප්‍රවීණ පුහුණුකරු)

පරිපූර්ණ ක්‍රීඩකයෙකු බිහිකිරීමේ අරමුණින් මලල ක්‍රීඩා පුහුණු කටයුතුවලට සමගාමීව, භාෂාව හා තොරතුරු තාක්ෂණය ඇතුළු අධ්‍යාපනික වැඩමුලු ද මෙම සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ඇත.

සංචිත ගත කිරීමේ කටයුත්ත වාර්ශිකව  ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩසටහන මගින් ඉදිරියේදී, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ක්‍රීඩා ක්ෂේත්‍රයට දායාද කිරීමේ අවස්ථාව තිබෙන අතර, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ කටයුතු ද වැඩසටහනට සමගාමීව සිදුකරයි.

අද පැවැති තෝරා ගැනීමේ අවස්ථාවට ප්‍රවීණ පුහුණුකරුවන් කිහිපදෙනෙකුගේ ද සහාය හිමිවිය.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org