මලල ක්‍රීඩා සංචිතයට දෙන දීමනාවේ හිඟ මුදලින් කොටසක් ලැබෙයි

By www.ceylonathletics.com | | Sinhala, Top Stories

මලල ක්‍රීඩා සංචිතය සඳහා ලබා දෙන, දීමනාවේ පෙබරවාරි මස දීමනාව, මාස 4 ක ඇවෑමෙන් පසුව අද ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඊට අමතරව, මාර්තු, අප්‍රේල්, මැයි හා ජූනි මාස සඳහා වන හිඟ මුදල ලබන සඳුදා ලබා දීමට පියවර ගන්නා බවද ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

27 දෙනෙකුගෙන් යුත්, මලල ක්‍රීඩා සංචිතය වෙනුවෙන් හා පුහුණුකරුවන් විසිදෙනෙකු හට මෙම දීමනාව පිරිනැමේ.

පසුගිය පෙබරවාරි මස පළමු වරට මෙම දීමනාව, ජනවාරි මාසය වෙනුවෙන් ලබා දුන්නද ඉන් පසුව මාසිකව ලබා දීමට නියමිතවූ මුදල ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය අපොහොසත්විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන ජූලි මස ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරගනිමින් සිය පුහුණුවීම් සිදුකරයි.

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org