(Video)  මන්යොන්ගා, තොම්සන්, මිලර් වසරේ දක්ෂතා දක්වයි, උස පැනීමේදී ආසියාවට පෙරමුණ

By www.ceylonathletics.com | | International News, Latest News, Sinhala, Top Stories, Videos

දකුණු අප්‍රිකාවේ ලුවෝ මන්යොන්ගා ඩයමන්ඩ් ලීග් වාර්තා අතරට එක්වෙයි

දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් අද පැවැති ශැංහායි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවූ ලුවෝ මන්යොන්ගා වාර්තාගත දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

ඔහු මීටර් 8.61 ක දක්ෂතාවක් දක්වමින් ජය ගත්තේ, ඩයමන්ඩ් ලිග් තරගාවලි ඉතිහාසයේ හොඳම දක්ෂතාව ලෙසය.

දෙවෙනි, තෙවෙනි හා සිව්වැනි ස්ථාන පිළිවෙලින් චීන ජාතික ක්‍රීඩකයන් තිදෙනෙකුට හිමිවූ අතර, ඔවුන් සියලු දෙනා මීටර් 8.15 ට වැඩි දක්ෂතාක් දැක්වීමට සමත්විය.

ලුවෝ මන්යොන්ගාගේ වාර්තා ගත පිම්ම
https://www.youtube.com/watch?v=1YUMQTfWU1A

 

මේ අතර, මීටර් 100 කාන්තා ඉසව්ව සුපුරුදු ලෙස ජැමෙයිකාවේ එලෙයින් තෝම්සන් ජයගැනීමට සමත්විය.

ඇය තත්පර 10.78 ක වාර්තාගත කාලයක් වාර්තා කළේ, මෙම වසරේ ක්‍රීඩකාවක මීටර් 100 ඉසව්වෙන් වාර්තා කල වේගවත්ම කාලය ලෙසය.

රියෝ ඔලිම්පි රන් පදක්කම් ලාභිනිය වන එලෙයින්, හමුවේ ඇමරිකාවේ ටොරී බෝවී හා අයිවරි කොස්ට් හී මරී ජොසී ට ලෞ පරාජය විය.
https://www.youtube.com/watch?v=KwhP-LE6VGg

 

මීටර් 400 කාන්තා

රියෝ ඔලිම්පික් පදක්කම් ලාභිනිය වන, බහාමාස් හී ශෝන් මිලර් මීටර් 400 කාන්තා ඉසව්ව මෙම වසරේ ලොව වේගවත්ම කාලය සමගින් ජයගැනීමට සමත්විය.

ඇය තරගය තත්පර 49.77 ක කාලයකින් ජයගනිද්දී පිලිවෙලින් දෙවැනි හා තුන්වැනි ස්ථාන හිමිකරගත්තේ නටාෂා හෂ්ටින් එා යුක්රේනයේ ඔලා සෙම්යක්වේ.
https://www.youtube.com/watch?v=7r0yrlY9-ok

පිරිමි උස පැනීමේ ඉසව්වේ පළමු දෙවැනි තැන් ආසියාවට

තරගාවලියේ පිරිමි උස පැනීමේ පළමු ස්ථානය සුපුරුදු ලෙස කටාර් හී මුටාස් එසා බාර්ෂිම්ට හිමිවිය.

ඔහු මීටර් 2.33 ක දක්ෂතාවක් දක්වද්දී, චීනයේ යූ වාං මීටර් 2.3 ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි ස්ථානයට පත්විය.

ඒ අනුව ඉදිරි ආසියානු ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ දී, ශ්‍රී ලංකාවේ මංජුල කුමාරට මොවුන් දෙදෙනා ප්‍රභල අභීයෝගයක් වනු ඇත.

https://www.youtube.com/watch?v=exfhaCcddRo

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org