19 හැවිරිදි කොලු ගැටයෙක් මීටර් 200 න් ලෝකයේ අවධානය දිනාගනී (Video)

By www.ceylonathletics.com | | International News, Latest News, Sinhala, Top Stories, Videos

ඇමරිකාවේ නෝ ලායල්ස් අද පැවැති ශැංහායි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්ව ජයගනිමින්, ලෝකයේ අවධානය තමන් වෙත නතුකරගැනීමට සමත්විය.

ඔහු වාර්තා කල තත්පර 19.9 ක කාලය, ලායල්ස් පුද්ගලිකව මීටර් 200 ඉසව්වේ වාර්තා කල හොඳම කාලයවේ.

මීට පෙර තත්පර 20.09ක දක්ෂතාවක් දක්වා තිබූ ඔහු අද අටවෙනි මංතීරුවේ තරගකරමින් වාර්තා කළ කාලය, විශිෂ්ඨ දක්ෂතාවක් ලෙස විචාරයකයන් පෙන්වා දෙයි. ලායල්ස් අද දැක්වූ දක්ෂතාව මෙම වසරේදී මීටර් 200 ඉසව්වෙන් ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව ලෙසද වාර්තා අතරට එක්වෙයි.

මෙම තරගයට ප්‍රභල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගවැදීම දැක ගත හැකි විය.

ඇමරිකාවේම ලෂාන් මෙරිට්, හා බ්‍රිතාන්‍යයේ ඇඩම් ජමේලිද මෙම ඉසව්වට සහභාගීවුවත්, වසරේ වේගවත්ම කාලය වාර්තා කල ඔවුන්ට හිමිවුයේ පිළිවෙලින් දෙවැනි හා තුන්වැනි ස්ථානවේ.

https://www.youtube.com/watch?v=AoEjnMKX_kk

1 8 USA
19.90

=WL
2 5 USA
20.27

SB
3 6 GBR
20.35

SB
4 4 USA
20.39

SB
5 2 CHN
20.40

NR
6 9 CAN
20.41

SB
7 7 NED
20.62

SB
8 3 CAN
20.63

9 1 USA
21.06

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org