ආසියානු ශූරතා තරගාවලියට ප්‍රභල ක්‍රීඩකයන් නොඑන ලකුණු

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රිඩා තරගාවලියට ජපානය හා චීනය ඇතුළු ප්‍රභල ක්‍රීඩකයන් සහභාගී නොවෙනු ඇතැයි වාර්තාවේ.

කෙටිදුර ධාවන ඉසව්වලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී, සහාය දිවීමේ ඉසව් සඳහා පදක්කම් බලාපොරොත්තුවෙන් පසුවීම හේතුවෙන් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇත.

මේවන විට මෙම වසරේ දී දැක්වූ දක්ෂතා අනුව ජපානය හා චීනය පිරිමි මීටර් 100 සහාය ඉසව්වේ වැඩි දක්ෂතා දක්වා තිබෙන අතර, කාන්තා ඉසව්වලදී චීනය ඉහළ දක්ෂතා දක්වා තිබීම මේ තත්වයට හේතුවී තිබේ.

ලෝක ශූරතා සහාය දිවිමේ ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහාය දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් චීන කණ්ඩායමේ සාමාජිකාවන් ද මීට සහභාගී නොවීමේ වැඩි අවස්ථාවක් තිබේ.

මීටර් 400 ඉසව්වේදීද සහාය දිවීමේ ඉසව් සඳහා ප්‍රභල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොවීමේ අවස්ථාවක් ඇත.

අගෝස්තු මස දී එංගලන්තයේ දී පැවැත්වෙන, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට පෙර ජූලි මස පළමු සතියේදී ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ ඔඩිෂා හි බුවනේෂ්වර් හිදී පැවැත්වෙන තරගාවලිය, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ආසියානුවන්ට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවසන් අවස්ථාව වීම හේතුවෙන්, අනෙක් රටවල ප්‍රභල ක්‍රීඩකයන් රැසක් එක්වනු ඇත.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org