පැය දෙකේ මැරතන් අභියෝගය තත්පර 25 කින් ගිලිහෙයි (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories, Videos

කිලෝමීටර් 42 කින් යුත්, මැරතන් තරගයක් පැය දෙකකට අඩු කාලයකින් අවසන් කල හැකිද ?

මෙම අභියෝගයට සූදානම් වූ ක්‍රීඩකයන් තිදෙනෙකු අද එම විශේෂිත තරගයට අවතීර්ණ වූයේ, ඉතාලියේ මෝන්සෝ හිදීයි. කෙන්යාවේ එලුයිඩ් කිප්චොගේ (Eliud Kipchoge), එරිත්‍රියාවේ සෙසනී ටෙඩීස් (Zersenay Tadese) හා ඉතියෝපියාවේ ලෙලිසා ඩෙසීසා (Lelisa Desisa) මෙලෙස අද තරග වැදුනේ ආධාරක තරග කරුවන් කිහිපදෙනෙකු ද සමගයි.

පේස් රනර්ස් (තරගයේ වේගය පවත්වා ගැනීමට එක්වන ක්‍රීඩකයන්) කිහිප දෙනෙකුගේ ආධාරැතිව ඇරඹි තරගයේ වේගය සාමාන්‍ය මැරතන් තරගයක වේගයට වඩා වැඩි විය.

ක්‍රීඩකයන්ට සුදුසු පරිසරයක, සුදුසු කාළගුණ තත්වයක් යටතේ පැවති මෙම තරගයේ දී, ඉහත සඳහන් කළ වේගය පවත්වාගැනීමට එරිත්‍රියාවේ සෙසනී ටෙඩීස් හා ඉතියෝපියාවේ ලෙලිසා ඩෙසීසාට හැකිවූයේ නැත.

ඒ අනුව කිප්චොගේට අභියෝගයක් එල්ල නොවීම මත තරගයේ වේගය අඩාල වූ බව විචාරක මතය විය.

වේගය පවත්වා ගැනීමට යෙදවූ ක්‍රීඩකයන් සමගින් තරග වැදුණු කිප්චෝගේ තරගය අවසන් කිරීමට පැය 2:00:25 ක කාලයක් වැය විය. යම් හෙයකින් ඉහත ක්‍රීඩකයන් දෙදෙනාද කරට කර තරගයක් එල්ල කිරීමට සමත්වූයේ නම්, එක් ක්‍රීඩකයෙකුට පහසුවෙන් පැය දෙකට අඩු කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කිරීමේ අවස්තාව තිබූ බව විචාරක මතය විය.

කෙ‍ෙස් වෙතත් කිප්චෝගේ මෙම දක්ෂතාව කාගේත් අවධානය දිනාගැනීමට තරම් විශේෂ දක්ෂතාවක් විය. අනෙක් ක්‍රීඩකයන් දරාගැනීමේ ශක්තිය නොමැතිව උත්සාහය අත් හරිද්දී චිප්චොගේ අවසන් තත්පර කිහිපය තෙක් උත්සාහය අත් නොහැරීම ඊට හේතුවය.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org