කැමරාකරු නූලෙන් බේරෙයි – හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ හොඳම දෙවැන්නා ජර්මනියෙන් (Video)

By www.ceylonathletics.com | | International News, Sinhala, Top Stories, Videos

හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ වැඩිම දුරක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ජර්මනියේ තෝමස් රෝලර් සමත්විය.

කටාර් හිදී පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී ඔහු දැක්වූ දක්ෂතාව මිටර් 93.9 ක් ලෙස සටහන් විය.

එය මෙතෙක් ඉතිහාසයේ වැඩිම දක්ෂතා දැක්වූවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට තරම් ඉහළ දක්ෂතාවක් විය.

චෙක් ජනරජයේ යාන් සෙලෙස්නි 1993-97 කාල සමය තුළ මීටර් 94ට වැඩි දක්ෂතාවක් පස්වරක් දක්වා තිබුණද ඊට ආසන්න දක්ෂතාවක් දැක්වූ පළමු ක්‍රීඩකයා වීමට තෝමස් රෝලර් සමත්වීම කැපී පෙණින.

රෝලර්ගේ විසිකිරීම තවත් මීටර් 3ක් ඉදිරියට ගමන් කලේනම්, එම ස්ථානයේ කැමරා කරමින් සිටි, කැමරා කරු අනතුරකට ලක්වීමට පවා ඉඩ තිබිණ.

රියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් ලාභියාද වන තෝමස් රෝලර් තවමත් 26 වැනි වියේ පසුවන ක්‍රීඩකයෙකි.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org