Video: ඩයමන්ඩ් ලීග්: ශූරයන් පරදවා දකුණු අප්‍රිකාවේ සිබිනේ මීටර් 100 ජයගනී, කාන්තා 200 තොම්සන්ට

By www.ceylonathletics.com | | International News, Sinhala, Top Stories, Videos

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට සිය නම එක් කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කෙටිදුර ධාවන ශූර අකානි සිබිනේ සමත්විය.

මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පළමු තරගාවලියේ දී ඔහු මීටර් 100 ඉසව්ව ජයගත්තේ, රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මෙම ඉසව්වේ රිදී හා ලෝකඩ පදක්කම් හිමි ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින්, කැනඩාවේ ඇන්ඩ්‍රි ග්‍රස් මෙන්ම මීටර් 100 ලෝක වාර්තාව ඉසිලූ ක්‍රීඩයෙකුවන ජැමෙයිකාවේ අසාෆා පවෙල්ද සහභාගීවූ තරගයක දී වීම විශේෂත්වක් විය.

අකානි සිම්බිනේ තරගය ජයගැනීමට තත්පර 9.99 ක කාලයක් වාරතා කරද්දී අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට තත්පර 10ට අඩුකාලයකින් තරගය නිමකිරිමට නොහැකිවීය.

අසාෆා පවෙල් දෙවැනි ස්ථානය හිමිකරගනිද්දී සත්කාරක කටාර් රාජ්‍ය යේ ෆෙමි ඔගුනොඩේ මෙ වසරේ ඔහුගේ වේගවත්ම කාලය වාර්තා කරමින් තත්පර 10.13 කින් තුන්වැන්නා ලෙස තරගය අවසන් කළේය.

ජස්ටින් ගැට්ලින් සිව්වැනි ස්ථානය හිමිකරගනිද්දී, කැනඩාවේ ඇන්ඩ්‍රෙ ඩි ග්‍රාස් පස්වැන්නා ලෙස තරගය අවසන් කළේය.

මේ අතර, කාන්තා මීටර් 200 ඉසව්වේ දී, ජැමෙයිකාවේ එලිනා තොම්සන් පහසු ජයක් වාර්තා කළේය.

තත්පර 22.19 ක කාලයකින් ඇය එම ඉසව්ව ජයගනිද්දී, ඇයට ප්‍රභල අභියෝගයක් වනු ඇතැයි සිතූ නෙදර්ලන්තයේ ඩෙෆ්නි ශිපර්ස් දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org