මලල ක්‍රීඩාවේ පිහිටුවා ඇති ලෝක වාර්තා මකා දැමීමේ සූදානමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මලල ක්‍රීඩා ඉතිහාසයේ පිහිටුවා ඇති ලෝක වාර්තා, නොසකලා හැර සංශෝදනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ ද මෙම යෝජනාවට කැමැත්ත පළකිරීම මත, මෙය විධායක කමිටුව හමුවට පැමිණවෙනු ඇත.

තහනම් උත්තේජක පරීක්ෂණ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තාක්ෂණික පහසුකම් එවකට නොතිබීම හා, 2005 වසරට පෙර ප්‍රධාන පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාම්පල ගබඩා කර නොතැබීම මීට හේතුව ලෙස පෙන්වා දෙයි.

2005 වසරේ පැවැති ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ සිට, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ලබා ගන්නා තහනම් උත්තේජක නියැදි ගබඩා කර තබා ගනිමින් විටින් විට නව තාක්ෂණික උපක්‍රම ඔස්සේ පරීක්ෂාවට ලක්කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.

නමුත්, ඊට පෙර පැවැත්වූ තහනම් උත්තේජක පරීක්ෂණ වල නියැදි ගබඩා නොකිරීම මත මෙලෙස පැරණි ලෝක වාර්තා, වාර්තා පොතින් මකා දැමීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

දිගින් දිගටම ක්‍රීඩාව ගිල ගනිමින්, තහනම් උත්තේජක භාවිතය ව්‍යාප්ත වීම මත ක්‍රීඩාවේ ජීව ගුණයට බරපතල හානියක් සිදුවේ.

එසේම වාර්තාවක් ලෝක වාර්තාවක් ලෙස සැලකීමේ ක්‍රමවේදයේද වෙනසක් සිදුකිරීමට අවධානය යොමුව තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එම ක්‍රමවේදයට අනුව ලෝක වාර්තාවක් පිහිටුවන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඊට වසරක කාලයක් ආපස්සට තහනම් උත්තේජක පරීක්ෂණ අවස්ථා කිහිපයකට භාජනය වී තිබිය යුතු වනු ඇති බවය.

කෙසේ වෙතත්, 2005 වසරට පසුව පිහිටුවා ඇති ලෝක වාර්තා සඳහා තර්ජනයක් නොවනු ඇත.

අදාල තීරණ සම්බන්ධයෙන් අවසන් තීරණය, ලබන අගෝස්තු මස පැවැත්වෙන විධායක කමිටු හමුවේදී ගනු ඇති බව ද ඉහත වාර්තාවන සඳහන් වේ.

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org