ඉන්දියාවෙන් ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට 12ක්, ශ්‍රී ලංකාවෙන් 11 ක්

By www.ceylonathletics.com | | Sinhala, Top Stories

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට ඉන්දියාව 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගමාලාවට අදියර 3ක් ඇතුළත් වන අතර, පළමු හා දෙවැනි අදියර චීනයේ දී ලබන 24 වැනිදා හා 27 වැනි දා පැවැත්වෙන අතර, තුන්වැනි අදියර චීන තායිපේ හිදී 30 වැනි දා පැවැත්වීමට නියමිතය.

මීට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 ක කණ්ඩායමක් ඉදිරිපත් කළ ද, උස පැනිමේ ක්‍රීඩක මංජුල කුමාර ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් අවසනාවන්ත ලෙස තරගාවලිය අහිමිවිය.

ඒ අනුව, එකොළොස් දෙනෙකුගෙන් යුත්, කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීට සහභාගීවීම සඳහා අද(22) දිවයිනෙන් නික්ම යාමට නියමිතය.

මේ සඳහා අසල්වැසි ඉන්දියාවෙන්ද ප්‍රභල කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.

ඉන්දීය කණ්ඩායම

මීටර් 100 සඳහා දුටී චාන්ඩ් හා රීනා ගෝගේ සහභාගීවන අතර, ඉන් දුටී චාන්ඩ් රියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ  ක්‍රීඩිකාවකි.

එසේම මීටර් 800 ඉසව්ව මිනිත්තු දෙකක් තුළ අවසන් කළ ක්‍රීඩිකාවක් වන ටින්ටු ලුකා ද කණ්ඩායමට ඇතුළත් වේ.

එසේම මන්ප්‍රීත් කෞර් යගුලිය ඉසව්වෙන් මීටර් 17 සීමාව අභිබවා ගිය ක්‍රීඩකාවක් ලෙස මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

ක්‍රීඩකයන් අතර, මීටර් 800 ඉසව්වට සහභාගීවන ජින්සන් ජොන්සන් හා හෙල්ල විසිකිරීමෙන් එක්වෙන නීරාජ් චොප්රා වෙත වැඩි අවධානය යොමුවනු ඇත.

ඉහත ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් එල්වනවා නොඅනුමානය.

මෙහිදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් හිමිකරගත්, නිමාලී ලියනාරච්චි (මීටර් 800), රුමේෂිකා රත්නායක (මීටර් 100) හා හිමාෂ ඒෂාන් (මීටර් 100) හා ඉඳුනිල් හේරත් (මීටර් 800) ඉන්දියානුවන්ට අභියෝගයක් එල්කිරීමේ අවස්ථාව නැවත උදාවී තිබේ.

India Team
The team: Men: Vidyasagar Siddarajanayaka (100m), Jinson Johnson (400m), Rakesh Babu (triple jump), Om Prakash Singh (shot put), Neeraj Chopra and Ravinder Singh (javelin).

Women: Dutee Chand and Reena George (100m), Tintu Luka (800m), Neena Varakil (long jump), Jinu Maria (high jump), Manpreet Kaur (shot put).

Coaches: Garry James Calvert, Bibu Mathew, PT Usha, Radha Krishnan Nair.

Sri Lanka Team
Men : Himasha Eashan (100M),Ajith Premakumara (400 M), Indunil Herath (800 M),Manjula Kumara Wijesekara (High Jump),Sanjaya Jayasinghe (Triple Jump),Sumedha Ranasinghe (Javelin),Waruna Lakshan Dayaratne (Javelin)
Women : Rumeshika Rathnayaka (100 M),Nimali Liyanarachchi (400M & 800 M),Gayanthika Abeyratne (800 M), Tharanga Vinodani, (High Jump),Tharika Fernando (Shot Put)

Official: Badra Gunawardana(Manager) ,
Pradeep Nishantha (Coach)

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org