ක්‍රීඩා අමාත්‍යංශයේ නේවාසික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳළුතලයට වැටෙයි
|එ් අනුව ක්‍රීඩා අමාත්‍යවරයාද පසුගිය වසරේදී ප්‍රකාශ කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවය.
නමුත් මේ දක්වා අදාළ පහසුකම් ලැබී නොමැති බවට සාක්ෂි ලෙස පහත දැක්වෙන ඡායාරූප දැක්විය හැක.
වායු සමීකරණ හා විදුලි පංකා ලබා දීමට කටයුතු කරන බවට පැවසුනද ආදාළ පහසුකම් මේ දක්වා ලැබී නැතිබවට උදාහරණයක් ලෙස මෙම ඡායාරූප පෙළ සැලකිය හැක.
මේ දිනවල පවතින උෂ්ණාධික කාළගුණය හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නේවාසිකාගාරයේ සඳළුතලයේ රැය පහන් කිරීමට සිදුව ඇත.
ලබන සෙනසුරාදා ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවීමට දිවයිනෙන් පටත්ව යන මලල ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන්ටද අත්ව ඇත්තේ මෙම ඉරණමය.
බර ඉසිලිමේ හා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකු පමණ මෙම නේවාසිකාගාරයේ නේවාසිකව පුහුණුවීම් ලබයි.