බාධක මැදින් හෙල්ලෙන් එල්ලය සොයන ක්‍රීඩකයන්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

හෙල්ල විසිකිරීමෙන් ඔලිම්පික් වරම් දිනාගත් සුමේද රණසිංහ මෙන්ම පැරා ක්‍රීඩක දිනේෂ් හේරත්, මෙරට මලල ක්‍රීඩාවට නව පිටුවක් පෙරළීමට සමත්විය.

සුමේධ පළමු වරට මීටර් 80 සීමාව තරණය කරමින්, මීටර් 83 ක් දුර ප්‍රමාණයක් සටහන් කරමින් රියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත්වද්දී,  රියෝ හිදී පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා දීමට පැරා ක්‍රීඩක දිනේශ් ප්‍රියන්ත ද සමත්වූයේ, හෙල්ල විසිකරමිනි.

දිනේශ් දක්ෂතාව දැක්වූ තරගය

ඒ වගේම, ජාතික ශූර වරුණ ලක්ෂාන් ද පසුගිය සමයේ දී තම දක්ෂතා වර්ධනය කරගනිමින්, මීටර් 80 සීමාව පසුකිරීමට සමත්ව සිටියි.

වරුණ පසුගිය දා පැවති මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී, මීටර් 82.19 ක දක්ෂතාවක් දක්වද්දී, දෙවැන්නා වූ සම්පත් රණසිංහ ද මීටර් 76.95 ක දක්ෂතාවක් දක්වමින් උපරිම දක්ෂතාව දැක්වීමට සමත්විය.

අධ්‍යාපන කටයුතු සමගින්, සමාන්තරව ක්‍රීඩාවේ නිරතවන සුමේධ රණසිංහ ඔස්ට්‍රේලියාවේ දී පැවැති විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 77 කට වැඩි දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පසුගිය දා සමත්විය.

ජාතික තලයේ පෙරමුණේ පසුවන ක්‍රීඩකයන් තිදෙනාම දක්ෂතා වර්ධනය කරගත් ක්‍රීඩකයන් වීම විශේෂත්වයක් වුව ද, ඔවුන්ගේ ඉසව්ව වෙනුවෙන් ලැබෙන පහසුකම් වල වර්ධනයක් දැකිය නොහැක.

මෙරට දී පුහුණුවීම් සඳහා අවශ්‍ය ආකාරයේ පථයක් නොමැති කම මෙම ක්‍රීඩකයන්ට ඇති ප්‍රධානතම අඩුපාඩුව ලෙස දැක්විය හැක. හෙල්ල විසිකිරීම වෙනුවෙන් නිසි ස්ථානයක් නොමැති වටපිටාවක ක්‍රීඩකයන් උපරිම දක්ෂතා දැක්වීම පැසසිය යුතුය.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන වරුණ ලක්ෂාන් පෙන්වා දෙන්නේ ප්‍රමිතියෙන් යුත්, පථයක පුහුණු අවස්ථා වැඩිවශයෙන් කිරීමට හැකිවූයේ නම් මීටර් 84 ක් වන ඉහත කඩයිම පසුකිරීමේ හැකියාව ඇති බවය.

“ප්‍රැක්ටිස්වලට, හොඳ සින්තටික් කාපට් එකක් නෑ. ත්‍රෝ එකෙන් ත්‍රෝ එකට පර්ෆෝමන්ස් වෙනස් වෙනවා. ග්‍රොන් ප්‍රී තරගාවලියේදී උපරිම දක්ෂතා පෙන්වීමට අවශ්‍යයි. එක දවසයි හැම දේටම ලැබෙන්නෙ. ලද දෙයින් සතුටු වෙන්න වෙනවා.” – වරුණ ලක්ෂාන්

“දියුණුවක් ලබා ගන්න පුළුවන් අපේ ග්‍රවුන්ඩ් කන්ඩිෂන් තියෙන්නෙ ඉතාමත් දුර්වල තැනක. ඒවගේ තත්වයක අපි මේවගේ දක්ෂතා පෙන්වීම ගැන සෑහීමට පත්වෙනව ක්‍රීඩකයන් හැටියට.” – සුමේධ රණසිංහ

කලකට පෙර මීටර් 70 සීමාව පසුකිරීම අභියෝගයක්ව තිබූ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 80 සීමාව දක්වා වර්ධනය වීමෙන්, මෙම ඉසව්වේ වර්ධනයක් දැකගත හැකි බව පෙනේ.

කෙසේ වෙතත් මෙය, ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ කැපවීමේ හා දක්ෂතාවන්ගේ ප්‍රථිඵලයක් බවට සැකයක් නැත.

වලගොඩැලි සහිත ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පුහුණුවන මේ පිරිසට, අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කළ යුතු නොවේ ද ?

හෙල්ල විසිකිරීමෙන්, 2020 ඔලිම්පික් උළෙලට යෞවනයන් තෝරාගැනීමට ඇමරිකන් ඩොලර් ලක්ෂයක් වියදම් කිරීමට සැරසෙන අවස්ථාවක දක්ෂතා වර්ධනය කරගත් ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් කිරීමට ඇති අවස්ථාව සැලකිල්ලට ගැනීම සිදුකිරීමට ද අවධානය යොමුවිය යුතුය.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org