මලල ක්‍රීඩා දෙවැනි තේරීම් (Trial) තරගාවලි ජූනි දක්වා කල් යයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රියාත්මක කරන දෙවැනි තේරීම් තරගාවලිය (Trial) ජූනි මස 1 හා 2 දිනයන් හීදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මසකින් කල් දැමීම හේතුවෙන්, මැයි මස 3 සහ 4 දිනයන් හීදී පැවැත්වීමට නියමිතවූ ඉහත තේරීම් තරගාවලිය (Trial) කල් දැමීමට තීරණය කර තිබේ.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජූලි මස 6 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

මීට පෙර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියම වූයේ, ජූනි මස පළමු සතියේ දීය.

ජූනි මස 1-2 පැවැත්වෙන තේරීම් (Trial) තරගාවලියේදී, ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙන්ම, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමිවනු ඇත.

තේරීම් තරගාවලිය පැවැත්වෙන කාල සටහන පහත පරිදි වේ.
(මෙය පළමු තේරීම් තරගාවලිය පැවති කාලසටහනට අනුව ක්‍රියාත්මක වනු ඇත.)

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org