800 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කල ගයන්තිකා හා නිමාලී ලොව පළමු 20 අතරට.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී වැඩි අවධානයක් දිනාගනිමින් මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කල ගයන්තිකා අබේරත්න හා නිමාලී ලියනාරච්චි මෙම වසරේ මෙතෙක් පැවති තරග අතරින් 15 වැනි හා 16 වැනි වේගවත්ම කාල වාර්තා කිරීමට සමත්ව තිබේ.

ගයන්තිකා හා නිමාලි ශ්‍රී ලංකාව වාර්තාව අලුත් කළ තරගය (වීඩියෝව)

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය මගින් නිකුත්කළ ලේඛණයට අනුව 2:02.55 කාලයකින් තරගය අවසන් කරමින් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ගයන්තිකා ඇමරිකාවේ කොරී මැක්ගී සමගින් 14 වැන්නා ලෙස සමතැන් ගනිමින් සිටීයි.

නිමාලි ලියනාරච්චි පසුවන්නේ, 16 වැනි ස්ථානයේයි. ශ්‍රී ලංකා වාර්තාවේ පෙර හිමිකරුවූ නිමාලී පසුගිය ඉරිදා (09) තරගය අවසන් කළේ 2:02.58 ක කාලයක් වැයකරමිනි.

වේගවත්ම කාලය වාර්තා කළ ක්‍රීඩිකාවන් 18 දෙනා අතර ඇමරිකානු ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සිටියි.

කියුබාවේ රෝස් මේරි අල්මන්සා මෙම වසරේ මෙතෙක් පැවති තරග වලදී වේගවත්ම කාලය 2:00.12 වාර්තා කර තිබේ.

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් නිමාලී හා ගයන්තිකා මීටර් 800 ඉසව්ව 2:01.00 ක කාලයකට පෙර අවසන් කල යුතු වේ.

800m – Women’s – 2017 TOP LIST (12/04/2017)

RANK MARK COMPETITOR DOB NAT POS VENUE DATE
1 2:00.12 Rose Mary ALMANZA 13 JUL 1992 CUBCUB 1 La Habana (Estadio Panamericano) 17 MAR 2017
2 2:00.69 Laura ROESLER 19 DEC 1991 USAUSA 1r1 Athens, GA 08 APR 2017
3 2:00.75 Natoya GOULE 30 MAR 1991 JAMJAM 1r1 Coral Gables, FL 25 MAR 2017
4 2:01.46 Keely SMALL 09 JUN 2001 AUSAUS 1 Canberra (AISAT) 11 MAR 2017
5 2:01.51 Shea COLLINSWORTH USAUSA 1 Tempe (Sun Angel Stadium), AZ 08 APR 2017
6 2:01.87 Habitam ALEMU 09 JUL 1997 ETHETH 1 Djibouti 25 MAR 2017
7 2:01.90 Lora STOREY 19 OCT 1989 AUSAUS 2 Canberra (AISAT) 11 MAR 2017
8 2:02.09 Georgia GRIFFITH 05 DEC 1996 AUSAUS 3 Canberra (AISAT) 11 MAR 2017
9 2:02.19 Abbey DE LA MOTTE 24 FEB 1994 AUSAUS 4 Canberra (AISAT) 11 MAR 2017
10 2:02.24 Chanelle PRICE 22 AUG 1990 USAUSA 2 Tempe (Sun Angel Stadium), AZ 08 APR 2017
11 2:02.25 Chrishuna WILLIAMS 31 MAR 1993 USAUSA 1r1 (Inv) Austin (Myers Stadium), TX 30 MAR 2017
12 2:02.43 Kendra CHAMBERS 11 SEP 1990 USAUSA 2r1 (Inv) Austin (Myers Stadium), TX 30 MAR 2017
13 2:02.50 Marilyn OKORO 23 SEP 1984 GBRGBR 1r1 Gainesville, FL 31 MAR 2017
14 2:02.55 Cory MCGEE 29 MAY 1992 USAUSA 2r1 Gainesville, FL 31 MAR 2017
14 2:02.55 Gayanthika ARTIGALA ABERATHNA 23 DEC 1986 SRISRI 1 Diyagama 09 APR 2017
16 2:02.58 Nimali W. K. L. ARACHCHIGE 19 SEP 1989 SRISRI 2 Diyagama 09 APR 2017
17 2:02.75 Angela PETTY 16 AUG 1991 NZLNZL 1sf1 Melbourne (Albert Park) 04 MAR 2017
18 2:02.90 Katherine MARSHALL 06 FEB 1992 NZLNZL 1 Auckland (Millenium Stadium) 26 FEB 2017

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org