ඇමරිකාවේ එමා ශ්රී ලංකාව නියෝජනය කරමින් කවපෙත්ත විසිකිරීමට සැරසෙයි
|කැන්සාස් අන්තර් විද්යාල මලල ක්රීඩා තරගාවලියක දී, එමා මෙම දක්ෂතාව දක්වා ඇති අතර, අැයට එහිදී හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.
එමා ඉහත තරඟාවලියේදි කැලිෆෝනියා ප්රාන්තය නියෝජනය කර ඇත.
ඉහත තරගයේ ප්රථිඵලය
එම දක්ෂතාව කාන්තා කවපෙත්ත ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව පසුකර යෑමක් වේ.
පද්මා නන්දනී විජේසුන්දර
2006 වසරේ මෙරට දී පැවැති දකුණු ආසියානු ක්රීඩා උළෙලේ දී, පද්මා නන්දනී විජේසුන්දර විසින් මීටර් 47.5ක දක්ෂතාවක් දක්වමින් කවපෙත්ත කාන්තා ශ්රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත්විය.
කෙසේ වෙතත්, එමාගේ දක්ෂතාව ශ්රී ලංකා වාර්තාවක් ලෙස නම් කිරීමට කාලයක් ගතවන බව වාර්තා වේ.
එමා ඩිසිල්වාට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ හැකිවන අතර, ඇයගේ පුරවැසිභාවය සනාථ කිරීමෙන් පසුව අදාළ අවස්ථාව හිමිවේ.
එසේම ඇයට ශ්රී ලංකාව නියෝජනය කරමින්, ආසියානු මලල ක්රීඩා ශූරතාවලියට ද සහභාගීවිමේ අවස්ථාව තිබේ.
ජූනි පළමුවැනිදා සිට පැවැත්වෙන තේරීම් තරගාවලියට සහභාගීවෙමින් එහිදී දක්වන දක්ෂතා අනුව ඇයට එම අවස්ථාව හිමිවනු ඇත.