රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක්; ලංකාවට පදක්කම් තුනක්
රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් හා තරගාවලි වාර්තාවක් පිහිටුවමින් මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් ආසියානු විසිකිරීමේ ශූරතා රන් පදක්කම හිමිකරගනී.
හිටපු ශ්‍රී ලංකා වාර්තාලාභී සුමේධ රණසිංහ මීටර් 77.57 ක දක්ෂතාවක් සමගින් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සමත්විය.
රුමේෂ් හට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම වන මීටර් 85.50 ක දක්ෂතාව අහිමිවූයේ සෙන්ටිමීටර් 5කින්.
ලේකම්ගේට ලෝකඩ පදක්කමක්
මේ අතර කාන්තා තරගයේ දී ශා දිල්හානී ලේකම්ගේ මීටර් 57.94 ක දක්ශතාවක් දක්වමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වූවාය.
එම තරගයටම ඒක්වූ යනා මධුවන්තීට හත්වැනි ස්ථානය. දක්ශතාව 48.46



