පුංචි අම්මාගේ ගමන් මග තෝරාගත් මේධානී
|ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් වයස අවුරුදු 18 වයස් කාණ්ඩයේ තුන්වැනි ස්ථානයට පත්වූ ක්‍රීඩිකාව කෙරෙහි කාගේත් අවධානය යොමුවිය.
ඒ අන් කවර නිසාවත් නොව, මෙතෙක් ජාතික තලයේ කිසිදු තරග අත්දැකීමක් නොමැතිව, තමන් සහභාගීවූ දෙවැනි තරගාවලියේ දීම ජාතික තලයේ පදක්කමක් දිනා ගනිමින් සුවිශේෂී කාලයක් ද වාර්තා කිරීම නිසාවෙනි.
ඉරේෂා මේධානී ජයමාන්න වන ඇය, කොළඹ ලුම්බිණි විද්‍යාලය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූවාය.
ඇය, මෙතෙක් සහභාගීවූ ප්‍රධාන තරගාවලියක් වූයේ, පසුගිය දා අවසන් වූ ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියයි.
එහි දී ඇය මූලික වටයේ දී 13.24 ක කාලයක් ද අවසන් පූර්ව වටයේදී තත්පර 13.16 ක කාලයක් හා අවසන් තරගයේ දී 13.19 ක කාලයක් වාර්තා කළාය.
නමුත් මෙවර තරගාවලියේ දී, පුද්ගලික හොඳම කාලය සමගින් තත්පර 12.75 ක දක්ෂතාවක් දක්වමින්, ලෝකඩ පදක්කම හිමි කරගත්තාය.
ඉරේෂා මේධානී ගේ තවත් විශේෂත්වයක් වේ. ඇයගේ මව සුපිරි ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ වැඩි මහල් සොයුරියයි.
මලල ක්‍රීඩාවට නොබොදා අත්පොත් තැබූ තවමත් යොවුන් වියේ පසුවන මේධානීට පුංචි අම්මා වන සුසන්තිකා ජයසිංහ ගිය ගමන් මග අනුගමනය කරමින්, බොහෝ දුර ගමනක් යෑමට “සිලෝන් ඇත්ලටික්ස්” අප මෙන්ම ක්‍රීඩාවට ලැදි ඔබගේ ද සුභාශිංසන එක් කරමු.