මලල ක්‍රීඩාවට චීනයේ දී තල්ලුවක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

චීනයේ දී පැවැත්වෙන ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ පළමු අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට දිනා ගැනීමට සමත් විය.

හෙල්ල විසිකිරීමේ පිරිමින් ඉසව්වට සහභාගී වූ සුමේධ රණසිංහ මීටර් 76.97 ක දක්ෂතාවක් දක්වමන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

සුපුරුදු ලෙස ආසියානු කලාපයේ මීටර් 800කාන්තා ඉසව්වෙන් ප්‍රභල ක්‍රීඩිකාවන්   ක්‍රීඩිකාවන් අතර තමන් ද පසුවන බව  නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න පසක් කලාය. නිමාලී මිනිත්තු 2:03.17 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා දීමට සමත්විය. ගයන්තිකා මිනිත්තු 2:03.57 ක දක්ෂතාවක් සමගින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

මීට අමතරව ආසියානු කලාපයේ ප්‍රභල ක්‍රීඩිකවෙන් සහභාගී වූ මීටර් 400 කාන්තා ඉසව්වේ දී තම දිවියෙ පුද්ගලික හොඳම දෙවැනි කාලය වාර්තා කිරීමට නදීශා රාමනායක සමත් වූවාය.

පසුගිය වසරේ තත්පර 53.06 ක පුද්ගලික හොඳම කාලය වාර්තා කල ඇය, මෙම තරගයේදී තත්පර 53.24ක දක්ෂතාවක් සමගින් රිදී පදක්කම දිනා ගත්තාය.

තරගාවලියේ දෙවැනි අදියර අනිද්දා (07) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්⁣ගේ දක්ෂතා හා වීඩියෝ පහතින්…

SL win Two Silver and Two Bronze medals
#AsianGP -1st Leg Results
Silver Medal
400 Women :- Nadeesha Ramanayake- 53.24sec
800 Women:- Nimali Liyanarachchi 2:03.17 sec

Bronze Medals
800M women :- Gayanthika Abeyratne 2:03.59 sec
Javelin Throw :- Sumeda Ranasinghe 76.92M

400M Men :- Ajith Premakumara 46.69 seconds -4th
Triple Jump:- Greshan Dhananjaya – 16.02m -6th
800M:- Rusiru Chathuranga – 1:56.27 sec – 6th
Shot Put :- Tharika Fernando 14.28m – 5th
High Jump :- Dulanjali Ranasinghe – 1.70m – 7th

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org