ගුවන් යානා පමාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පැය දෙකකට පසු පිටත්වෙයි
|ඊයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, අද පෙරවරුව වෙනවිටත්, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් රැසකට බාධා එල්ලවී තිබිණ. ඒ අනුව, පෙරවරු 9.50ට මෙරටින් පිටත්ව යෑමට සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පැය දෙකක් පමණ පමාවී ගුවන් ගත වීමට සිදුවිය.
ලබන 21 වැනි දා ආරම්භ වන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. ඉන් ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු අද අලුයම කටාර් වෙත ගමන් ගත් අතර, සෙසු පිරිස අද දහවල් පිටත්ව ගියේ ය.
තරගාවලියේ සියලු තොරතුරු හා වීඩියෝ දර්ශන අපගේ ෆේස්බුක් පිටුවෙන් හා යූ ටියුබ් හරහා ලබා දීමට කටයුතු කරන අතර, තරගාවලියේ සියලු තොරතුරු අපගේ වෙබ් පිටුව හරහා ද ලබා ගත හැක.
තරග තොරතුරු එසැනින් දුරකථනය වෙත ලබා ගැනීමට http://m.me/ceylonathletics යන ලින්ක් එක ඔස්සේ අප වෙත පණිවිඩයක් යැවීමෙන් සිදුකර ගත හැක