මලල ක්‍රීඩාවට ඓතිහාසික දිනයක් – ආසියාවේ කිසිදු කණ්ඩායමකට නොලද වරම ශ්‍රී ලංකාවට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන අවසන් ඉසව්ව මෙරට වේලාවෙන් පසුවරු 5.55ට පැවැත්වේ.

මීටර් 4×400 අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා බාලක කණ්ඩායම අද අවසන් තරගයට සහභාගීවන්නේ පළමු මංතීරුවෙන් වන අතර මෙහිදී ප්‍රභල කණ්ඩායම් රැසකට එරෙහිව තරග වැදීමට නියමිත වනු ඇත.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ දී මීටර් 400 සහාය කණ්ඩායම් දැක්වූ දක්ෂතා සැලකීමේ දී අද තරගය සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට ඒමට නොහැක.

අද සහභාගීවන කණ්ඩායම් අතරින් ඇමරිකාව හා බ්‍රිතාන්‍යයට අමතරව අන් කිසිදු කණ්ඩායමක් මෙම වසර තුළ මිනිත්තු 3:08’00 සීමාවට අඩුවෙන් තරග අවසන් කර නොමැත.

LANE BIB ATHLETE COUNTRY PB SB 2018
1 SRI SRI LANKA U20 SRI 3:08.21 3:08.21
2 GER GERMANY U20 GER 3:04.58 3:08.53
3 ITA ITALY U20 ITA 3:06.46 3:08.35
4 USA UNITED STATES U20 USA 3:00.33 3:05.57
5 AUS AUSTRALIA U20 AUS 3:04.74 3:08.53
6 GBR GREAT BRITAIN & NI U20 GBR 3:03.80 3:07.17
7 BEL BELGIUM U20 BEL 3:05.74 3:09.39
8 FRA FRANCE U20 FRA 3:05.41 3:08.78

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මැයි මස කොළඹ දී, මිනිත්තු 3:08’21 ක දක්ෂතාවක් දැක්වීම මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායමක් දැක්වූ ඉහළම දක්ෂතාව වන අතර, අය අද අවසන් තරගයට සහභාගීවන්නන් අතර මෙම වසරේ දක්වා ඇති තෙවැනි හොඳම කාලයද වේ.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම අද නැවතත් සුපුරුදු රිද්මයෙන් උපරිම දක්ෂතාව දැක්වුවහොත් ඉතිහාසය වෙනස් කරමින් ලෝක මට්ටමේ පදක්කමකට යෑමේ අවස්ථාව ද උද්ගත වනු ඇත.

කෙසේ වෙතත්, පූර්ව නිගමනයන්ට පැමිණීම කණ්ඩායමේ දක්ෂතා හීන කිරීමට හා වැඩි බලාපොරොතුත් ලබා දීමට රැකුලක් වනු නො අනුමානය.

මලල ක්‍රීඩාව ඉතා දියුණු මට්ටමක ඇති ආසියානු කරයේ ධනවත් හා ප්‍රභල රාජ්‍යයන්ගේ එකදු කණ්ඩායමක් හෝ මෙම අවසන් තරගයේ ස්ථානයක් හිමිකරගැනීමට අපොහොසත්වීමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවය පැහැදිලි කරයි.

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org