ගුවන් යානා පමාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පැය දෙකකට පසු පිටත්වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙරට වේලාවෙන් මධ්‍යහන 12ට කටාර් වෙත පිටත්ව ගියේය.

ඊයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, අද පෙරවරුව වෙනවිටත්, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් රැසකට බාධා එල්ලවී තිබිණ. ඒ අනුව, පෙරවරු 9.50ට මෙරටින් පිටත්ව යෑමට සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පැය දෙකක් පමණ පමාවී ගුවන් ගත වීමට සිදුවිය.

ලබන 21 වැනි දා ආරම්භ වන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. ඉන් ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු අද අලුයම කටාර් වෙත ගමන් ගත් අතර, සෙසු පිරිස අද දහවල් පිටත්ව ගියේ ය.

තරගාවලියේ සියලු තොරතුරු හා වීඩියෝ දර්ශන අපගේ ෆේස්බුක් පිටුවෙන් හා යූ ටියුබ් හරහා ලබා දීමට කටයුතු කරන අතර, තරගාවලියේ සියලු තොරතුරු අපගේ වෙබ් පිටුව හරහා ද ලබා ගත හැක.

තරග තොරතුරු එසැනින් දුරකථනය වෙත ලබා ගැනීමට http://m.me/ceylonathletics  යන ලින්ක් එක ඔස්සේ අප වෙත පණිවිඩයක් යැවීමෙන් සිදුකර ගත හැක

 

 

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org