Sinhala

නිල සංචාර කියමින් රට සවාරියන රාජ්‍ය නිළධාරීන්ට ලැබෙන සල්ලි මල්ල

රාජ්‍ය සේවය යනු ජනතා සේවය වෙනුවෙන්, අධ්‍යාපන සුදුසුකම් මත පරිපාලන සේවයේ සුදුසුකම් සපුරමින් මෙරට රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවන ප්‍රධාන යාන්ත්‍රනය ලෙස දැක්විය හැක.

ඊට අමතරව වෘත්තීය සුදුසුකම් මත හෝ වෙනයම් සුදුසුකම් මත පත්වන කොමිෂන් සභා සභාපතිවරුන් මෙන්ම ජනතා ඡන්දයෙන් පළාත්පාලන ආයතන වලට පත්වන ප්‍රධානීන්, බැංකු හා උසස් අධ්‍යාපන ප්‍රධානීන් සේම, රාජ්‍ය සමාගම්වල සභපතිවරුන්ට ද, රාජ්‍ය තන්ත්‍රය මෙහෙවීමේ හා තීන්දු තීරණ ගැනීමේ වැඩි අවස්ථාවක් ලැබේ.

මොවුන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද හා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ, ඔවුන්ට ඇති වගකිම හා සමාජය බල ගැන්වීම වෙනුවෙන් ඔවුන් සිදු කරනු ලබන දායකත්වය සැලකිල්ලට ගනිමිනි.

නමුත් වර්ථමානයේ දී, ඔවුන් වෙනුවෙන් වෙන්කරනු ලබන වරප්‍රසාද සමාජ සුභසාධනය සඳහා යෙදවෙනවා ද යන්න සොය බැලීමට කාලය එළඹ තිබේ.

මෙම ලිපියෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළ නිලයන්ට ලැබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් විවරනයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙමු.

2015 වසරේ මැයි මස 15 වැනි දින නිකුත් කළ චක්‍ර ලේඛණයට අනුව පහත කරුණු අවධාරණය කරමු.

එම චක්‍ර ලේඛණය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සහභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, කොමිෂන් සභා සභාපතිවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු ප්‍රධානීන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, උසස් අධාපන ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන්ට රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීමේ ක්‍රියා පටිපාටිය දක්වා තිබේ.

ඒ අනුව එහි සෘජුවම සාකච්ඡා‍, සම්මන්ත්‍රණ හා පුහුණු වැඩමුලු ඇතුළු රාජකාරී විදේශ ගමන් ලෙස සඳහන් කර ඇත.

නමුත් වර්ථමානයේ ක්‍රීඩාවට සම්බන්ධ ඉහළ නිලයන් ක්‍රීඩා උළෙල හා ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගීවන්නේ සත්‍ය වශයෙන්ම රාජකාරී අවශ්‍යතා සඳහා දැයි සැක සහිතය.

අදාළ තනතුර දැරිම හේතුවෙන්, සාමාජික සංගම්වල ආරාධනයෙන් විදෙස් සංචාර සිදු කිරීම නිල සංචාර ලෙස දැක්විය හැකි ද?

මෙලෙස සංචාරයේ නිරත ඉහත සඳහන් නිලයන් දරන්නන්ට දිනකට ඇමරිකානු ඩොලර් 75 ක් ලබා දෙන්නේ එදිනෙදා වියදම් පියවා ගැනීමේ දිමනාවක් ලෙසයි

ඊට අමතරව සංයුක්ත දීමනා ලෙසද දිනක දීමනාවක් මෙම චක්‍රලේඛණයේ දක්වා තිබේ.

විදෙස් සංචාරයන්වලදී නවාතැන් හා ආහාර පාන සඳහා වූ වියදම් විදේශ රජය හෝ ප්‍රදායක ආයතන විසින් නොදරන අවස්තාවන් හිදී ඉහත සංයුක්ත දිමනාව ගෙවනු ලබයි.

උදාහරණයක් ලෙස, ක්‍රීඩා උළෙලක් සඳහා සහභාගීවන ප්‍රභූ නිළධාරීන්ට නවාතැන් පහසුකම් හා ආහාර පහසුකම් ලබා නොදෙන්නේ නම් සංයුක්ත දීමනාව ලබා දෙනු ලැබේ.

මෙය රටවල් කාණ්ඩ පහකට වෙන් කර ගෙවනු ලැබේ.

ඒ අනුව, මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන අධ්‍යක්ෂවරයෙකුට දිනකට සයුක්ත දීමනාව ලෙස ඇ.ඩො. 330 ක් හා දිනක වියදම් සඳහා ඇ.ඩො. 75 ක දීමනාවක් හිමිවේ.

චක්‍ර ලේඛණයේ පිටපතක් මෙම ලිපිය අවසානයේ අමුණා ඇත.

මේ අනුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භයේ සිට අවසානය දක්වා එහි සංචාරයේ නිරත වීම උපකල්පනයක් ලෙස ගත් කළ ඒ, වෙනුවෙන්, 18 වැනි දා සිට සැප්තැම්බර් 1 වැනි දා දක්වා එක් දිනකට ඇ.ඩො. 405 බැගින් දින 15 කට ඇ.ඩො. 6075 නැතහොත් ආසන්න වශයෙන් රුපියල් මිලියනයක් පමණ මුදල් අමාත්‍යංශය විසින් ගෙවනු ඇත‍

මේවනවිට ක්‍රීඩා අමාත්‍යංශයේ, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි පී විජේරත්න හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාජල් බුවනෙක හේරත් දෙදෙනාම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමට දිවයිනෙන් නික්ම ගොස් තිබේ.

මෙවර ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු මේවනතෙක් ක්‍රීඩා උළෙලට සහභාගීවීමට දිවයිනෙන් නික්ම ගොස් නොමැති අවස්ථාවක, ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළම නිළයන් මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින දෙකකට පෙරදීය.

අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරවම මොවුන් පිටත්ව යාමෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ එදිනෙදා රාජකාරි බොහෝමයක්, ඇණ හිටීමේ අවධානමක් මතුව තිබේ.

ප්‍රධාන ක්‍රීඩා උළෙලක් තිබෙන අවස්ථාවන් හී දී මෙලෙස ප්‍රධාන පරිපාලන නිළධාරීන් සහභාගීවීම නිල සංචාරයන් ලෙස සැලකිය නොහැක.

ක්‍රීඩා ආධ්‍යක්ෂවරයා ඔස්ට්‍රේලියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහාද සහභාගී වෙමින් සති දෙකක පමණ කාලයක් එහි රැඳී සිටියේ, දිනකට ඇ.ඩො. 605 ක දීමනාවක් ද ලබා ගැනීමේ පරිසාධන මට්ටම පසුකරමිනි.

නිල රාජකාරියක් නොකිරීම හේතුවෙන්, ඔහු එම දිනකට ලබා දෙන දීමනාව ලබා නොගෙන ඇතැයි සිතමු.

එසේ ලබාගෙන ඇතහොත්, රුපියල් මිලියන 1.5 ක පමණ මුදලකි. මෙය ක්‍රීඩා අමාත්‍යංශ අරමුදල්වලින් ලබා දෙන මුදලක් නොවුනද, මුදල් අමාත්‍යශය මගින් සාවාද්‍ය ලෙස ලබා ගැනීම මහජන මුදල් අවභාවිතයක් ලෙස අවිවාදයෙන් සඳහන් කළ හැක.

මෙලෙස නිළධාරීන් බුරුතු පිටින්, මෙවැනි ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවේ, එක් එක් කාර්යයන් සඳහා පිටත්වන බව සඳහන් කළ ද ක්‍රීඩා උළෙලන් අනතුරුව ඔවුන් සිදුකළ කාර්යයන් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ඉදිරිපත් වන්නේ නැත.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ හෝ නාම ලේඛණය ක්‍රීඩා අමාත්‍යංශය හෝ ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිළ වශයෙන් මාධ්‍යවෙත ඉදිරිපත් කර නැත.

එවන් තත්ත්වයක් මත‍ මෙලෙස හොර රහසේ රට සවාරි යන නිළධාරීන් කවුරුන්ද යන්න හෙළි කරගැනීම පහසු නැත.

 

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix, Yupun and Nadeesha finished on the podium

Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…

3 days ago

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

6 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

6 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

1 week ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago