International News

නිලධාරීන්ගේ වරදින් උශාන්ට හා මිශ්‍ර සහය කණ්ඩායමට ආසියානු වරම් අහිමි වෙයි

උස පැනීමේ ක්‍රීඩක උශාන් තිවංක සහ ශ්‍රී ලංකා මිශ්‍ර සහය 4×400 කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමය ඇතුලත් කරගත නොහැකි බව තරගාවලි සංවිධායකයින්පසුගිය සදුදා(13) දින තීරනයක කර ඇත .

මෙයට හේතු වී ඇත්තේ බලධාරින් විසින් මොවුන්ගේ විස්තර තරාගවලිය සදහා ඇතුලත් කිර්‍රිමේදී එම කාර්ය නිසි ආකරයට ඇතුලත් කිරීමට අපොහසත් වීමයි.

ජාති ශුරතා තරගාවලියේදී මෙවර ජාතික ශූරයා වූ උෂාන් පසුගියදා පැවති තේරීම් තරගාවලියේදීද මීටර් 2.24 ක පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට අවශ්‍ය පරිසාධන මට්ටම පසු කළේය. නමුත් ඊයේ දිනයේදී වාර්තා වූයේ ඔහුගේ නම ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායකයන් ප්‍රතික්ෂේප කර අැති බවය.

මලල ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගේ නම් සඳහන් කර තිබුණද මේවනවිට අවස්ථාව සැලසී ඇත්තේ 12 දෙනෙකුට පමණි.

වරද සිදුව ඇත්තේ කා වෙතින්ද ?

මලල ක්‍රීඩා සංගමය පාර්ශවයෙන් නිසිලෙස අයදුම් පත් යොමු කිර්‍රිම සිදු කල යුතු අතර එම අයදුම්පත් නිසි ලෙස යොමුකිරීම තරවුරු කිරීමේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට නිසි ලෙස සහභාගී කරවීමේ වගකීම භාර වී ඇත්තේ ජාතික ඔලිම්පිකි කමිටුවටයි (NOC).

මෙම් ක්‍රීඩකයාගේ නම එම අදාල ලැයිස්තුවේ ඇතුලත් වී නොමැති බවට ජාතික ඔලිම්පික් කමිටුවෙන් ප්‍රතම වරට මලළ ක්‍රීඩා සංගමය හට දැනුම් දී තිබෙන්නේ ජූලි මස 9 වන දින අතර ඒ මලළ ක්‍රීඩා සංගමය විසින් ඒ පිළිබද විමසීමක් කල විටයි.
මේ වන විටත් ආසියානු ක්‍රීඩා උළෙලට නම් ඇතුලත් කිරීමේ අවසාන දිනය වන ජූනි මස 30 වන දිනය ඉක්ම ගොස් ඇති බැවින් එම කීඩකයාව ‘Late Entry’  එකක් ලෙස නැවතත් ඇතුලත් කිරීමට උත්සහ කල ඇත . කෙසේ නමුත් තරග සංවිදායකන් ඔහුගේ නම ප්‍රතික්ශේප කර තිබේ.

එසේම මිශ්‍ර මීටර් 400 ඉසව්වට එක්කර ඇත්තේ උපමාලිකා රත්න කුමාරී පමණක් වන අතර, ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයන් දෙදෙනාගේ නම් ඇතුළත් නැති බව වාර්තාවේ. එක් ක්‍රීඩිකාවකට පමණක් එම ඉසව්වට සහභාගී වීමේ හැකියාව නොමැතිවීම මත එම ඉසව්වෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

නමුත් මෙම ක්‍රීඩකයා විසින් මේ සම්බන්ධයෙන් දැනුවත්ව අැත්තේ ඊයේ(14) අහඹු ලෙසිනි. ආසියානු ක්‍රීඩා උළෙලට නම් කළ කණ්ඩායමට අමාත්‍යවරයාගේ අවසරය නීත්‍යානුකූලව ලැබී නොමැති බවද වාර්තාවේ.

එම කණ්ඩායම මාධ්‍යයෙත නිළ වශයෙන් අනාවරණය කිරීමට ප්‍රථමයෙන් ක්‍රීඩා කිහිපයක් වෙනුවෙන් ක්‍රීඩකයන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ආසියානු කලාපයේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන්නන් සම්බන්ධයෙන් වගකීමකින් තොරව ක්‍රියාත්මක වීම අනුමත කළ නොහැක.

මහජන මුදල් භාවිත කරමින් මෙම ක්‍රීඩා උළෙලට දරු දැරියන් සහභාගීවන අතර එහිදී වගකිව යුත්තන් මීට වැඩි අවධානයකින් කටයුතු කළ යුතු නොවේද? උෂාන්ට අහිමි වන්නේ තරග අවස්තාවක් මෙන්ම පදක්කමක් හිමිවීමේ අවස්ථාවක් ද විය හැක. එසේම රටක් ලෙස අපහට පදක්කමක් සේම ක්‍රීඩකයාද අහිමි වනු අැත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් කල කිරීමට පත්ව ක්‍රීඩාව අතහැරයෑම වැලැක්විය හැකිද ?

2014 Asian Games High Jump Results 

 

 

 

 

2010 Asian Games High Jump Results 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

3 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

3 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

5 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago