English

අදූරදර්ශී තීරණයකින් නැති කළ පදක්කම

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමට දින තුනක් අවසන් වන විට රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් තුනක් හා එක් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකිව තිබේ.

මෙය මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායමක් මලල ක්‍රීඩවෙන් දැක්වූ ඉහළම දක්ෂතාවක් ලෙස සඳහන් කළ හැකිය. කෙසේ වෙතත්, බලධාරීන්ගේ අමනෝඥ තීරණයක් හේතුවෙන්, අහිමිවූ එක් පදක්කමක් සම්බන්ධයෙන් ගෙන හැර දැක්විය යුතුවේ.

ඒ මීටර් 100 බාලිකා සහාය දිවීමේ ඉසව්වෙන් ලබා ගැනීමට හැකිව තිබූ පදක්කමයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිළධාරීන්ට හා අමාත්‍යවරයාගේ පූර්ව නිගමනය අනුව, ශ්‍රී ලංකා බාලිකා  සහාය දිවීමේ කණ්ඩායමට පදක්කමක් දිනාගැනීමේ අවස්ථාවක් නොතිබිණ.

ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ තත්පර 46 ක් වූ පරිසාධන මට්ටම පසුකිරීමට ඉහත ක්‍රීඩිකාවන් අපොහොසත් වීම මත, කණ්ඩායම ආසියානු ශූරතාවලියට යවා පළක් නැති බවය. නමුත් අද අවසන් වූ එහි අවසන් තරගයේ කාලයන් නිරීක්ෂණය කිරීමේ දී, ඉහත පූර්ව නිගමනය පුස්සක් බව සනාථ කර තිබේ.

චීන කණ්ඩායම තත්පර 45.06 ක කාලයකින් රන් පදක්කම දිනා ගනිද්දී, ප්‍රභල ජපාන කණ්ඩයමට වාර්තා කළ හැකි වුණේ තත්පර 45.94 කි. ඔවුන් දෙසතියකට පෙර ජපානයේ දී ම තත්පර 45.79 ක දක්ෂතාවක් දැක්වූ කණ්ඩාමයි. එසේම ලෝකඩ පදක්කම හිමිකරගත් හොංකොං කණ්ඩායම වාර්තා කළේ තත්පර 47 ක දක්ෂතාවක් වේ.

වසර 19 ක් පැරණි ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව බිඳ හෙලූ ශ්‍රී ලංකා බාලිකාවන් දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී තත්පර 46.23 ක දක්ෂතාක් දැක්වූයේ එක් සතියක පුහුණුවීමකින් පසුවය. එසේම, තරගාවලිය ආරම්භ වන විට ඔවුන්ගේ පුද්ගලික දක්ෂතාවර්ධනය වී ඇති ආකාරය පහත දැක්වේ.

Name Old PB New PB
අමාෂා සිල්වා 11.92 11.71
ශර්මිලා ජාන් 12.34 12.17
ශෙලින්ඩා ජැන්සන් 12.28 12.28
ශෆියා යමික් 12.5 + 12.5+
එවන්ති ඉමේෂිකා 12.29 12.20

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ  කළමණාකරුගේ ක්‍රියා කලාපයට එරෙහිව සාක්ෂි ලබා දීම ජපාන සංචාරයෙන් එම කණ්ඩායම විසිවීමට හේතුවක් දැයි සැක සිතේ. අවසානයේ සිදුවූවේ කෙනෙකු වෙනුවෙන්, ක්‍රීඩාවේ අනාගතය සමග ක්‍රීඩා කළ ඔලමොට්ටල පාලකයන්ගේ නිරුවත හෙලිවීම පමණි.

විදෙස් ගමන් සඳහා උත්සුක වන නිළධාරීන් හා බලධාරීන්ගේ අමනෝඥ තීරණයක් හේතුවෙන් අප රටට අහිමි වුණේ, මුදලට මිළ කළ නොහැකි පදක්කමකි.

ක්‍රීඩාවක් නොකල අමාත්‍යවරයෙකුට හා කල් ඉකුත්වූ විශ්‍රාම සුව විඳිනු නිළධාරීන්ට එම පදක්කමේ වටිනාකම මිළ කළ හැකි වුවද ක්‍රීඩාවට හිතැත්තන්ට හා ක්‍රීඩාවේ නියැලෙන්නන්ට එය අමිල වස්තුවක් වේ.

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix, Yupun and Nadeesha finished on the podium

Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…

4 days ago

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

6 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

6 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

1 week ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago