ආසියානු කිලෝමීටර් 20 තරග ඇවිදීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කල්හාරී මදරිකා සමස්ත තරගයේ දී 34 වැනි ස්ථානය හිමිකරගැනීමට සමත්ව ඇත.
මෙම තරගාවලිය විවෘත හා ආසියානු යන කාණ්ඩ යටතේ පැවැති අතර, මෙහි ආසියානු කාණ්ඩයේ ප්‍රථිඵලයට අනුව කල්හාරි මදරිකා ක්‍රීඩිකාවන් 8 දෙනෙකු අතරින් 7 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
1:56:19 කාලයකින් කල්හාරී තරගය අවසන් කර ඇති අතර, කල්හාරි ගේ පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා වන්නේ 1:47:32 ක කාලයකි.
එහි පිරිමි ඉසව්වට සහභාගීවූ ශමිල චන්දිකට සමස්ථ තරගයේදී, 98 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත.
ඔහුගේ තරග අවසන් කළ කාලය ලෙස සටහන් වන්නේ, 1:41:22 ක් වේ.
නමුත්, ඔහුගේ පුද්ගලික් හොඳම කාලය 1:30:09 ලෙස පසුගිය වසරේ දී වාර්තා විය.
ආසියානු කාණ්ඩයේ දී, ශමිල චන්දික ක්‍රීඩකයන් 11 ක් අතරින් දසවැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
විදෙස් තරග අවස්ථාව හිමි නොවීම හා අත්දැකීම් මදකම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවන් තරගාවලි වල දී මුහුණදීමට ඇති විශාලතම බාධාව ලෙස සැලකිය හැක.
ජපානයේ නොමි හීදී පැවැති මෙම තරගාවලියෙ කාන්තා අංශයෙන් චීන ක්‍රීඩිකාවක් ජයග්‍රහණය කළ අතර, පිරිමි අංශයෙන් ජපාන ක්‍රීඩකයෙකු ජය වාර්තා කළේය.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…